Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඔබ අපෙන් සමුගෙන යන්නේ රටට ඔබ අවශ්‍යම වේලාවකදීය..

රටේ දේශපාලන දිශානතිය නිවරදි මගට ගෙන එන්නට, විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් ලෙස විද්‍යාර්ථීන්ට දැනුම බෙදාදීමෙන් නොනැවතී පුරවැසියන් දේශපාලන දැනුමෙන් සන්නද්ධ කිරීමට ඔබ අපමන වෙහෙසක් ගත්තේය.

වැරදි දේශපාලන තීන්දු තීරණ ගන්නා ආණ්ඩු ඔබ නිර්භයව විවේචනය කළේය. ඒ ඔබගේ ජීවිත අවදානම ගැනද නොතකමිනි.

දේශපාලන වශයෙන් අරාජිකත්වයකට යමින් තිබෙන රට නිවැරැදි මාවතට ගෙන ඒම සදහා අප සමග එක්ව වැඩ කරමින් සිටි ඔබගේ වියෝව පියවිය නොහැකි අඩුවකි.

ටෙරන්ස් පුරසිංහයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර සිටි නිර්භීතම මහාචාර්ය වරයෙක්.

අසාධාරණයට එරෙහිව ඔහු නගන වාග් ප්‍රහාරය,ප්‍රතිවාදීන්ට එල්ල කරන දැවැන්ත අවියක්.

ඔහු,ඔහුගේ වගකීම නිර්භීතවම ඉටුකළේය.ඒ බරපතල ලෙස සියලුම ආණ්ඩුවල අසාධාරණකම් විවේචනය කරමින්.

ඔහුගේ,දේශපාලන විද්‍යාව පිළිබදව ඇති අද්විතීය දැනුම අතිවිශිෂ්ඨය.

ඔහුගේ කාලීන දේශපාලන විග්‍රහයන්,දැනුමෙන් පරිපූර්ණව කරනු ලබන්නක්.

අපෙන් සමුගෙන යන මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මැතිතුමනි, ඔබට නිවන් සුව !!!

ඔබ අපෙන් සමුගෙන යන්නේ රටට ඔබ අවශ්‍යම වේලාවකදීය.

© පුරවැසි සටහන – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්ටියාස් බාකිර් මාකර්

About The Author