Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඔන්ලයින් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන

අන්තර්ජාලය මඟින් මාර්ගගත ක්‍රමය ඔස්සේ අමතර රැකියා අවස්ථා ලබා දෙන බව පවසා රුපියල් 260,750/=ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් එලෙස නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරියා සඳහන් කළ සිටියේ, අන්තර්ජාලය මඟින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ අමතර රැකියා අවස්ථාවන් මඟින් මුදල් ඉපයිය හැකි බව පවසා පැමිණිලිකාරියගේ මුදල් වංචා කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද විමර්ශන නිලධාරියා අධිකරණයට දැන්වුවා.

About The Author