මට මඩ ගහයි හැබැයි මම ඇත්ත කතා කරනවා : අපේ පක්ෂ ඇතුළෙත් ජාතිවාදීන් ඉන්නවා
රට තුළ ජාතිවාදී දේශපාලනය කිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා වගකිව යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ගොස් ටයි කෝට් ඇඳ පැළඳ ,පයිපයෙන් දුම් උරමින් බටහිර පන්නයට ජීවත් වූ බණ්ඩාරනායක මහතා තම අගමැති සිහිනය වෙනුවෙන් ජාතික ඇඳුමෙන් සැරසී සඟ වෙද ගුරු ගොවි කම්කරු ලෙස පවසමින් ජනතාව නොමඟ යවමින් ජාතිවාදී මුහුණුවරකින් ගෙන ගිය දේශපාලන ව්‍යාපාරය රට ආපස්සට ගෙන ගිය බවයි.
Mee Massoo TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා මේ අදහස් පළ කළා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් “එක් රටක් – එක් නීතියක් “වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන්ද අදහස් පළ කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ දෙමළ ජනතා නියෝජනයක් නොමැතිව සිදුකරන ලද එහි සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් තමන් දෙමළ ජනතාව වෙනුවෙන් කනගාටුව පළ කරන බවයි.
ජනාධිපති වරයා විසින් දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡාවක් පැවැත්වීම සඳහා එකඟත්වය පළ කිරීම සහ සම්බන්ධයෙන් විපක්ෂයේ ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂ අදහස් කිහිපයක් ශානක්‍යන් රාසමානික්කම් මන්ත්‍රීවරයා විසින් මෙම සාකච්ඡාවේදී මතු කිරීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි