රනිල්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වයි
විදුලිය, ඛනිජ තෙල් සහ වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයින් අද දහවල් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන සිරිකොතට පැමිණ තිබෙනවා.
ඒ ආණ්ඩුව ගෙන යන ජාතික සම්පත් මංකොල්ලයට එරෙහි වීම සඳහා අවශ්‍ය ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීම අරමුණු කරගනිමින්.
මෙම සාකච්ඡාවේ මුලසුන හොබවා ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවද වාර්තවනවා.
මෙම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , එක්සත් ජාතික පක්ෂය සහ ස්වාධින වෘත්තීය සමිති නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් එක්ව තිබෙනවා.
මෙහිදී අදාළ වෘත්තීය සමිති නියෝජිතයින් විසින් රජය ගෙන යන සම්පත් මංකොල්ලය සහ විකුණා දැමීම පිළිබඳ දීර්ඝ වශයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ජනතාවට සහ පාර්ලිමේන්තුවට වසන් කරමින් ජාතික සම්පත් විවිධ පාර්ශ්වයන්ට අත්තනෝමතික ලෙස පැවරීමට එරෙහිව පුළුල් වැඩපිළිවෙලක් සකස් කිරීම තමන්ගේ උපරිම දායකත්වය ලබා දෙන බවයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට