මිනීමැරුම් ඇතුළු චෝදනා ගණනාවකට සැකකරුවෙකු වී සිටි ඉරෝන් රණසිංහ හෙවත් “එස්.එෆ්.ලොක්කා” අද දින දහවල දී අනුරාධපුර, දහයියාගම මංසන්ධියේ දී ඝාතණය කෙරිණි. ඔහු ගමන් ගත් වාහනය ද සෑහෙන දුරකට විනාශ වී ගිනි ගත් බව කියවේ.

මහමඟ ගමන් ගන්නා විට සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ ඉරෝන් අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර එහි දී වැඩිදුර ප්‍රතිකාර සිදු කෙරිණි. එහෙත් වෙඩි ප්‍රහාර අටක් එල්ල වී සිටි ඔහුගේ ජීවිතය බේරා ගත නොහැකි වූ බව වෛද්‍යවරු පැවසූහ.
මැතිවරණ දිනයේ දී සිදු කෙරුණු මෙම මිනීමැරුම සිදු කළේ කවුරුන් විසින් ද යන වග තවමත් සොයා ගෙන නැත. 2015 දී සිදු වූ අනුරාධපුර රාත්‍රී සමාජ ශාලාවක හිමිකරුවෙකු වූ වසන්ත ද සොයිසා හෙවත් “කරාටි වසන්ත”ගේ ඝාතණය ඉරෝන්ගේ මූලිකත්වයෙන් සිදු වූ බවට සැකයක් පැවතිණි. අනුරාධපුර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට