Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත පිහිටුවීමේ සුදානමක්!

සමාජ මාධ්‍ය හරහා වැඩ කළ තරුණයෙකු අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරිමේ අරමුණින් නිර්මාණය කරන ලද වීඩියෝ දර්ශන කිහිපයක් ඇතුළත් ජංගම දුරකතනයක් සන්තකයේ තබාගෙන සිටි කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ තරුණයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පසුගියදා (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය ධර්මපුරම් මුසුරාම් ප්‍රදේශයේදී යි.

සැකකරු සිය ජංගම දුරකතනයේ තිබූ එම වීඩියෝ දර්ශන ඔහුගේ හිතවතුන්ට හා තවත් පුද්ගලයන් විශාල පිරිසකට වට්ස් අප් සහ වයිබර් වැනි අන්තර්ජාල මාධ්‍ය මගින් බෙදා හැර ඇති බවත් මේ සදහා ඔහුට තවත් කිහිප දෙනෙකු සහාය ලබාදී ඇති බවට හෙළිවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව සදහන්.

සැකකරුගේ ජංගම දුරකතනය වැඩිදුරටත් පරීක්ෂා කර බැලීමේදී ඒ තුළ තිබී ‘ආවා කල්ලියේ’ වීඩියෝ දර්ශන කීපයක් ද සොයා ගෙන ඇතැයි පොලීසිය සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරු කිලිනොච්චිය ධර්මපුරම් පොලීසියට භාර දෙනු ලැබ ඇති අතර රැඳවුම් නියෝග මත පොලීසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරිම් කරනු ලබන බව ද පොලීසිය පවසනවා.

© මුලාශ්‍රය – ලංකාදීප

About The Author