සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම රටේ වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් අත්හිටුවීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) දින රැස්වූ කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.
අමාත්‍ය මණ්ඩල හමුව අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණයෙන් රැස්වූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
වර්තමානයේ රටේ පවතින තත්ත්වය සහ මූල්‍ය ස්ථාවරය පිළිබඳ අවධානය යොමු කරමින් වාහන ගෙන්වීම තවදුරටත් සීමා කළ යුතුව ඇතැයි කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් එම රැස්වීමේදී පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම සඳහා මෙයට පෙර පැවති යෝජනාව කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව අත්හිටුවා තිබෙනවා.

හෙසේ වෙතත් අදාල සුපිරි වාහන ගෙන්වීමට අදාළ ණයවර ලිපි පවා විවෘත කර තිබු අතර අදාළ තොරතුරු මාධ්‍ය හරහා අනාවරණය වීමත් සමග සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වුයේ ආණ්ඩුව විසින් ගනු ලැබූ තීරණ, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ සුඛවිහරණය සඳහා ආණ්ඩුව විසින්ම උල්ලංඝනය කිරීම අශෝබන බව දක්වමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට