Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එයත් දන්නවා තරඟය අමාරුයි කියලා – රනිල් හමු වූ සුමා අමුතු කතාවක් කියයි

මේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම අපහසු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් දන්නා බව ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

“එතුමා කිව්වා දෙමළ ජනතාවගේ සහයෝගයත් එතුමාට ඕනෙ කියලා. හැම ජනකොටසක්ම එතුමාට සහාය දෙනවා කියලා ඒක පෙන්වන්න ඕනෙ කියන එක. එතුමාටත් දන්නවා මේ මැතිවරණයේදී එතුමාට දිනන්න අපහසුයි කියලා. ඉතින් 2029 එයා ඉලක්ක කරගෙන මේකෙදී තරග කරනවා නම් මං එයාට කිව්වේ අපේ ජනතාවට දැනෙන්න ඕනෙ ඔබතුමාගේ ප්‍රතිපත්ති මොනවද කියලා දෙමළ ජාතික ප්‍රශ්නය ගැන, බලය බෙදාහැරීමේ ක්‍රමය ගැන. ඉතින් ඒකට එතුමා කිව්වෙ පොලිස් බලතල තෙක් පවරන්නට මට විරෝධතාවයක් නෑ කියලා. ඉතින් ඒක එතුමා දැන් පැහැදිලිව කියනවා නම් අපේ ජනතාවත් ඒක ගැන හිතලා බලයි”

එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරයා සමග පසුගියදා (14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

About The Author