Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එන අවුරුද්දේ මුල ආර්ථිකය තරමක් හොඳ අතට හැරෙයි

කෙතරම් අපහසු අවස්ථාවක වුවද රජයේ වගකීම් හරහැටි ඉටු කිරීමට උත්සාහ දරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

ඒ පසුගියදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 135 වන සංවත්සරය වෙනුවෙන් පැවති සම්මේලනයට එක්වෙමින්.

ආර්ථික අවපාතයක් පවතින විට එය රටේ සියලු අංශවලට බලපෑමක් වන බවත් සෞඛ්‍ය අංශයට ද එය පොදු බවත් මහබැංකු අධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

නොමිලේ සෞඛ්‍ය සේවාවක් සැපයුවද රටේ සියලු දෙනා ඒ වෙනුවෙන් බදු ගෙවීමක් සිදුකරන බවත් සීමිත සම්පත් ප්‍රමාණයක් තුළ සෞඛ්‍ය පවත්වාගෙන යායුතු බවද පැවසූ ඔහු සෞඛ්‍ය මෙන්ම, ඉන්ධන ගෑස් හා විදුලිය ද අත්‍යවශ්‍ය සේවාවන් බවද සඳහන් කර තිබෙනවා.

ආර්ථිකය ස්ථායි කර ගැනීම ලබන වසරේ මුල්කාලය වන විට හැකිවනු ඇති බවද නන්දලාල් වීරසිංහ මහතා විශ්වාසය පල බවද සඳහන්.

About The Author