විපක්ෂ නායක සජිත් ගලෙන්බිඳුණු වැව දී කියයි
මේ ආණ්ඩුව බලය ගන්න කලින් ගහපු කයිවාරුවල හැටියට ලංකාවේ ජාතික සම්පත් විකුණනවා වෙනුවට ඉන්දියාවේ ඉඩමුත් ලංකාවට ගනී කියා සිතු බවත් අද සිදුවන්නේ රටේ සම්පත් සියල්ල විකුණා දැමීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ හොරෝව්පතාන ගලෙන්බිදුනුවැව දී පැවති සමගි ජනබලවේගයේ ගොවි උද්ඝෝෂණයක් අතරතුරයි.
“මැතිවරණය දිනන්න කලින් ගොවියෝ ගැන කතා කරපු හැටියට චීනයටත් හාල් දෙයි කියලයි මිනිස්සු හිතුවේ.
මැතිවරණයට කලින් ගහපු කයිවාරුවල හැටියට ආර්ථිකය ගොඩදාන හැටි ගැන ඇමරිකාවටත් ටියුෂන් දෙයි කියලයි අපිත් හිතුවේ.
සෞභාග්‍යයේ දැක්මෙ තියෙන විදිහට මේ රටේ දුප්පත්කම කෞතුකාගාරයට දායි කියලයි මිනිස්සු හිතුවේ.
එහෙත් අද සිදුවන්නේ මේ සියල්ල කනපිට හැරීමයි” යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහෙදී සද්නහන් කළා.
ඒ දවස්වල බලය වෙනුවෙන් වඳ කොත්තු ගැන කතා කොට ජාතිවාදය අවුස්සපු උදවිය අද පකිස්ථානයෙන් ණයට සහල් ඉල්ලන තත්ත්වයට පත්ව ඇති බවද ප්‍රේමදාස මහතා සඳහන් කිරීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට