Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එන්නත මඟ හරින්න එපා ,ඔබේ ජීවිත වෙන අයට භාර දෙන්න එපා, වගකීම ඔබම ගන්න – රජය නිවේදනය කරයි

වේගයෙන් පැතිර යමින් තිබෙන කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට නොපමාව කොවිඩ් මර්දන එන්නත ලබාගන්නැයි රජය දැනුම්දීමක් නිල වශයෙන් ජනතාවට දැනුම් දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, සෑම පුද්ගලයෙක් ම රෝගයට ගොඳුරුවීමේ අවදානමකට මුහුණ පා සිටින බවය. 

මේ අතර ආසාදිතයින්ගෙන් සියයට 1.5ක් පමණ මරණයට පත්වෙන බව ද එම නිවේදනයේ දැක්වේ. 

වැඩි පිරිසකට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගැනීමට සිදුව ඇති අතර වසංගතයට ගොදුරු නොවී සිටීමට නම් පිළිපැඳිය යුතු උපදෙස් කිහිපයක් ද සෞඛ්‍ය බලධාරීන් නිකුත් කර තිබේ. 

*සියල්ලම පළමුව හැකි ඉක්මනින් කොවිඩ් එන්න ගන්න. ලොව පුරා වැඩිම පිරිසක් දිවි බේරාගෙන ඇත්තේ කොවිඩ් එන්නත ගැනීමෙනි. 

*අත්‍යවශ්‍යම කාර්යයකට මිස නිවසින් පිටතට නොයන්න. 

*සෙනඟ ගැවසෙන මංගල, අවමංගල්‍ය හා වෙනත් උත්සවවලට සහභාගීවීම සම්පුර්ණයෙන් නතර කරන්න. 

*පොදු ස්ථානයකට යනවිට අනිවාර්යයෙන්ම මුඛ ආවරණ පලඳින්න. 

*කාමර, ශාලා, විදුලිසෝපාන, වාහන වැනි ආවරණය කළ ස්ථානවල සෙනඟ සමඟ ගැවසෙන්න එපා. 

*විටින් විට සබන් යොදා දෑත් සෝදන්න. 

*අන්‍යයන් සමඟ මීටර දෙකකට වඩා දුරින් සිටින්න. 

*නිදන්ගත රෝග ඇත්නම් රැකියාවට මිස නිකරුණේ නිවසින් පිටතට යන්න එපා. 

*ඔබේ සහ ඔබේ ආදරණීයන්ගේ ජීවිත රැකගැනීම අනන්‍යයන්ට භාර නොදී ඔබේ වගකීම ඉටුකොට ඔබත් පවුලත් ආරක්ෂා වෙන්න.

මේ අතර යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නොපමාව එන්නත් ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.

ඇතැම් පිරිස් එන්නත් පිළිබඳ දුර්මත සමාජ ගත කරමින් සිටින බවත් ඒවාට හසු නොවී වහා එන්නත් ලබා ගන්න ලෙසත් ඉල්ලන හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ කුමන අයුරින් කටයුතු කළද මේ වන විට රෝග ව්‍යාප්තිය වේගවත් වී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හමුදාපතිවරයා,

සැප්තැම්බර් මැද වන විට අපිට රටේ ජනතාවගෙන් සියලුදෙනාට එන්නත් දෙකම ලබාදීමට හැකියාවක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු සහගතවයි මේ අවස්ථාවේ සිටින්නේ. මෙතෙක් එන්නතක් ලබානොගත් අයෙක් සිටිනම් හැකි ඉක්මනින් යුහුසුළු වෙලා එන්නත ලබාගැනීමට ක්‍රියා කළ යුතුයි. යම් යම් දුර්මත අනුව ඒවට හසුනොවී හැකි ඉක්මනින් එන්නත ලබාගැනීමට කටයුතු කිරීම ජීවිතය අවදානම් නොකර ගෙන සිටීමට හැකියාවක් ලැබෙනවා

යනුවෙන් ද පැවසිය.

About The Author