Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එන්නත් දෙකම ලබා සිටියදී අභාවප්‍රාප්ත වූ මංගල අපට ඉතිරි කළ පාඩම

පසුගියදා අභාවප්‍රාප්ත මෙරට කීර්තිමත් රාජතාන්ත්‍රිකයෙකු දේශපාලකයෙකු මෙන්ම මානව හිතවාදියෙකු වන හිටපු අමත්‍ය මංගල සමරවීර මහතා මියයාමට හේතුව අනාවරණය වී තිබෙනවා.

ඔහු කොරෝනා අසාදනය වීමෙන් මිය ගිය නමුත් කොරෝනා මර්දන ෆයිසර් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන සිට ඇති බව හෙළිවනවා.

ඔහු කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකය දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර පසුව අවදානමෙන් මිදීමෙන් පසු සාමාන්‍ය වාට්ටුවක් වෙතද මාරු කර තිබෙනවා.

රෝහල්ගත කරන අවස්ථාවේ ඔහු ඉතා අසාධ්‍ය තත්ත්වය පසුවුවත් ප්‍රතිකාර වලින් අනතුරුව ඔහුගේ තත්ත්වය යහපත් අතට පත් කිරීමට හැකිව තිබෙනවා.

සුව අතට හැරෙමින් සිටින මංගල සමරවීර මහතාට හදිස්සියේ අභාවප්‍රාප්ත වී ඇත්තේ ඇති වූ හෘදයාබාධයක් උත්සන්න වීමෙන් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

සමරවීර මහතාට දිගු කාලයක සිට දියවැඩියා රෝගය සහ වකුගඩු දුර්වලතාවයක් තිබී ඇති අතර ඒ සඳහා ද ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා.

කෙසේ වුවත් මින් පැහැදිලි වන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන සිටියත් කොරෝනාවට මිනිස් ජීවිත වලට අභියෝග කළ හැකි බවයි.

නිදන් ගත රෝග පමණක් නොව කොරෝනා හේතුවන් ඇතිවන රුධිරය කැටි ගැසීමේ තත්වයන් මිනිස් ජිවිත වඩා තිරාණාත්මක අඩියකට ඇද දමන බව පැහැදිළි වන කරුණක්.

මේ තත්වය තුළ මංගල සමරවීර මහතාගේ මරණය අපට එක් වැදගත් පණිවිඩයක් ඉතිරි කර තිබෙනවා.

ඒ එන්නත් ලබා ගෙන තිබුණද ,කෙසේ හෝ කොරෝනා රෝගය වැළදීමෙන් ආරක්ෂා වී සිටීමේ වැදගත් කම සහ නිදන් ගත රෝගාබාධ තිබුණද නොතිබුණද කොරෝනා රෝගය වැළඳුන විට විශේෂ අවදානයකින් එයට මුහුණ දීමේ අවශ්‍යතාවයයි.

About The Author