Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එන්නත් බල බිඳෙයි ? “එප්සිලෝන්” ඩෙල්ටා පරදමින් මරුවා සමඟ පැමිණෙයි

කොවිඩ් 19 ‘එප්සිලොන්’ වෛරස විකෘතිය, ‘ඩෙල්ටා’ විකෘතියට වඩා බිහිසුණු බවත්, එය එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන බවත් පාකිස්තාන වෛද්‍ය පර්යේෂකයෝ අනතුරු අඟවති.

‘එප්සිලෝන්’ විකෘතිය පළමුවෙන් හඳුනා ගැනුණේ 2020 වසරේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙනි. ‘එප්සිලෝන්’ වෛරසය නිල වශයෙන් හැඳින්වෙන්නේ B.1.429 සහ CAL.20C යනුවෙනි. ‘එප්සිලෝන්’ වෛරස විකෘතිය නිර්මාණය වී ඇතැයි පැවැසෙන්නේ කොරෝනා වෛරස විකෘති පහක් එක්වීමෙනි.

පාකිස්තාන වෛද්‍ය පර්යේෂකයන්, ‘එප්සිලෝන්’ විකෘතිය ගැන අනතුරු අඟවා ඇත්තේ, මේ වනවිට පාකිස්තානයේ ලාහෝර් නුවරින් හමුවන ‘කොවිඩ් 19’ ආසාදිතයන් බොහෝ දෙනකුට ආසාදනය වී ඇත්තේ මෙම විකෘතිය බැවිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘එප්සිලෝන්’ විකෘතිය සැලකිල්ලක් දැක්විය යුතු වයිරස විකෘතියක් යැයි මීට පෙර අනතුරු අඟවා තිබුණු නමුත් දැන් ඔවුන් අනතුරු අගවමින් පවසා ඇත්තේ ‘ඩෙල්ටා’ සහ ‘ලැම්බ්ඩා’ සේම, ‘එප්සිලෝන්’ විකෘතිය සම්බන්ධයෙන් ද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු යුතු බවයි.

පාකිස්තානය මේ වනවිට මුහුණ දෙන්නේ, සිවුවැනි කොරෝනා රැල්ලට බවත් බරපතල ලෙස රෝගී වී රෝහල් ගත කළ වැඩි දෙනා ‘එප්සිලෝන්’ විකෘතිය ආසාදිතයන් බවත් පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘එප්සිලෝන්’ විකෘතිය පාකිස්තානයේ ලාහෝර් නුවරින් ව්‍යාප්තවීමට පටන් ගැනීමත් සමඟ ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ද ඒ ගැන විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඉන්දියාව මේ වනවිට මුහුණ දෙමින් සිටින්නේ දෙවැනි කොරෝනා රැල්ලට වන අතර, එම දෙවැනි කොරෝනා රැල්ලට හේතුව ‘ඩෙල්ටා’ ය. ‘ඩෙල්ටා’ යනු ඉන්දියාවෙන් පළමු වරට සොයා ගත් දෙමුහුන් කොරෝනා විකෘතියකි.

වොෂිංටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකින් සොයා ගන්නා ලද්දේ මෙම ප්‍රභේදය එන්නත් වලට වැඩි ප්‍රතිරෝධයක් දක්වන බවයි.

සයන්ස් සඟරාවේ ජූලි 1 දා ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයෙන් කියැවෙන්නේ එප්සිලෝන් වික්‍රියාවට “රසායනාගාරයෙන් සාදන ලද ප්‍රතිදේහ වලින් මුළුමනින්ම ගැලවී එන්නත ලබා ගත් පුද්ගලයින්ගේ ප්ලාස්මා වල ජනනය වන ප්‍රතිදේහ වල සඵලතාවය අඩු කළ හැකි” බවයි.

පාකිස්තානයෙන් වාර්තා වන ‘එප්සිලෝන්’ විකෘතිය ඉන්දියාවට පැමිණියහොත් එය තෙවැනි කොරෝනා රැල්ලේ ආරම්භය වනු ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ බිය පළ කර තිබෙනවා.

© මුලාශ්‍ර – ඉන්දීය මාධ්‍ය සහ රොයිටර්

About The Author