ඉන්දීය ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදයට එරෙහිව එක් එන්නත් මාත්‍රාවකින් ලැබෙන්නේ සියයට 33 ක පමණ ප්‍රතිශක්තියක් පමණකැයි පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පවසනවා.
ඒ අනුව එයට සැලකිය යුතු මට්ටමක ආරක්ෂාවක් යැයි සැලකිය නොහැකි බවත් ඩෙල්ටා ප්‍රභේදයේ ඇති ලොකුම ගැටළුව මෙය බවත් එම අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරනවා.
මේ අනුව තනි මාත්‍රාවකින් ආරක්ෂාවක් සැලසෙනු ඇතැයි සිතිය නොහැකි බවද ඔහු සඳහන් කරනවා.
ෆයිසර් එන්නත් මාත්‍රා දෙකෙන් සියයට 85 ක ආරක්ෂාවක් සැලසුණද අස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දෙකෙන්ම ලැබෙන්නේ සියයට 58 ක ආරක්ෂාවක් පමණකැයිද එම පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙරට පැතිර ඇති අනෙක් ප්‍රබල කොරෝනා වෛරස ප්‍රභේදය වන බී117 ඇල්ෆා සඳහා මෙරට පාවිච්චි කරන සියලුම එන්නත් කාර්යක්ෂම ආකාරයට ප්‍රතිචාර දක්වන බවද ජීවන්දර මහතා සඳහන් කරනවා.
මෙරට භාවිතා කෙරෙන එන්නත් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයද මේ දිනවල පරීක්ෂණයක් පවත්වන අතර එහි අවසන් වාර්තාව නුදුරේදීම නිකුත්වීමට නියමිතව තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට