ඇතැම් ස්ථානවල ඇත්තේ එන්නත්කරණය සැණකෙළි බවත් ලියා යවයි
එන්නත්කරණ ක්‍රියාවලිය සෞඛ්‍ය සේවාවෙන් ඉවත් කර මිලිටරීකරණය කිරීම ඓතිහාසික වරදක් බව සඳහන් කරමින් සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඔහු පවසන්නේ මෙරට එන්නත් කරන ක්‍රියාවලිය සිදු කිරීම සඳහා අවශ්‍ය විධිමත් සහ සංවිධානාත්මක ව්‍යුහයක් සෞඛ්‍ය අංශ තුළ සකස් ව තිබියදී සැණකෙලි ආකාරයෙන් විවිධ ස්ථානවල එන්නත් කරන වැඩපිළිවෙළ දියත් කිරීම හරහා සෞඛ්‍ය ආයතනවල ව්‍යුහාත්මක පදනම දෙදරා ගොස් ඇති බවයි.
එබැවින් මෙම තත්වය වෙනස් කිරීමට වහා මැදිහත් වන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඔහු ඉල්ලා තිබෙනවා.
අදාල සම්පූර්ණ ලිපිය පහලින්..
එන්නතකරණය සෞඛ්‍ය සේවාවෙන් ඉවත් කිරීම, ඓතිහාසික සෞඛ්‍ය වරදක්!
සෞඛ්‍ය සේවාව තුල පවති හැකියාවන් නිවැරදිව භාවිතා කිරීමට ඉඩ ලාබා නොදෙමින්, මතුවන විවිධ ජන කැලඹවීම සදහා විශාල ප්‍රචාරයක් ලබා දෙමින් එන්නත්කරණය සෞඛ්‍ය සේවවෙන් පිටමං කිරීමට සැලසුම් සහගත උත්සාහයක් පවතින බව නිරීක්ෂණය වේ.
මේවන විට රටේ විශාලතම ඉල්ලුම ඇති ෆයිසර් එන්නත, ප්‍රමාණවත් පරිදි ගෙන්වා ගැනීමට අපොහොසත්වීම කිසිසේත්ම සෞඛ්‍ය කාර්යමණඩලයේ වරදක් නොවන අතර, ෆයිසර් එන්නත විදීම සම්පූර්ණයෙන්ම යුධ හමුදාවට පැවරීම වැරදි සෞඛ්‍ය ප්රතිපත්තියකි.
ලංකාවේ සෑම ගමකම ඉතා විදිමත් ව්‍යුහයක් යටතේ සෞඛ්‍ය සේවාව විහිදී ඇති අතර ප්‍රධාන රෝහල් පද්ධතියට අමතරව, ප්‍රාථමික සත්කාර ඒකක 1500ක්, දිසා රෝහල් 500ක්, මූලික රෝහල් 70ක් පමණ තිබියදී විවිධ ස්ථාන වල සැනකෙලි ස්වරූපයෙන් එන්නතකරණය සිදු කිරීම හේතුවෙන් සෞඛ්‍ය අයතනවල ව්‍යුහාත්මක පදනම දෙදරාගොස් ඇත.
ඒසේම ඕනෑම තැනක ඕනෑම ප්‍රමාණයකට එන්නත් විදීම සදහා එන්නත් ලබා දී නොතිබෙන තත්වයක් හමුවේ, ඕනෑම පුරවැසියෙකුට ඕනෑම තැනකදී එන්නත ලබා දිය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිළධාරීන් විසින්ම ප්‍රකාශ කිරීම හරහා සෞඛ්‍ය සේවාවේ ව්‍යුහය නොසලකමින් මහජනතාව අනවශ්‍ය ලෙස එකම එන්නත් සදහා ඒකරාශී වන තත්වයක්ද, ඒ හේතුවෙන්ම ඇති වන කලහාකාරීත්වයන්ද පෙනවමින් සෞඛ්‍ය සේවාවේ එන්නත ක්‍රියාවලිය අසාර්ථක බව හැගවීම යථාර්ථය නොවේ.
එසේම සෞඛ්‍ය පරිපාළණයේ සහ සුළු වශයෙන් වන පුද්ගලික වැරදි සදහා දඩුවම් ලබා දෙමින් ඒවා නිවැරදි කිරීම වෙණුවට, සෞඛ්‍ය සේවාවේ කාර්යන් ක්රමාණුකූලව හමුදාකරණය කිරීම බර පතලය.
එබැවින්, සෞඛ්‍ය සේවාවේ ව්‍යුහාත්මක යාන්ත්‍රණය ශක්තිමත්කොට, සෞඛ්‍ය සේවාවේ කාර්යන් ඒ සදහා වැටුප් ලබන නිළධාරීන්ගේ වගකීමක් බවට පත්කොට, පිරිහී ඇති මහජන අවශ්‍යතාවන් හා සමාජ සුභසාධනය තහවුරු කිරීමට ත්‍රිවිධ හමුදාවේ ශක්තිය සහ දායකත්වය උපරිමයෙන් යොදවා ගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට