එක්සත් ජාතික පක්ෂයට ලැබුණු පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ දුරට එළඹෙන ජුනි මස 22 දා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිත බව මේ වන විට වාර්තා වනවා.
පසුගිය වසරේ අගෝස්තුවේ පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික් මට්ටමෙන් කිසිදු ආසනයක් දිනා නොගත් අතර එම පක්ෂයට හිමිවුයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි.
එම මන්ත්‍රී ධුරය සඳහා කෙනෙකු නම්කිරීම සම්බන්ධයෙන් දැඩි කතා බහක් නිර්මාණය වුවත් මැතිවරණය අවසන්ව මාස 10කට ආසන්න කාලයක් ගතව තිබියදීත් එම පුරප්පාඩුව සම්පුර්ණ කිරීමට එම පක්ෂය කටයුතු කළේ නැහැ.
පසුගිය කාලයේ එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දිවයින පුරා යමින් පක්ෂ සාමාජිකයින් සහ ක්‍රියාකාරීන් හමුව ඇති අතර එහිදී වැඩි දෙනෙකු යෝජනා කර තිබුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු අසුන වෙත යා යුතු බවයි.
එමෙන්ම හෙට (31) දිනයේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්ද පැවැත්වීමට නියමිත අතර එහිදී මෙම තීරණය නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට