රනිල් වික්‍රමසිංහ නම් දොස්තරගේ බෙහෙත් නිසා ශ්‍රී ලංකාව නම් අසාධ්‍ය රෝගියා දැඩි සත්කාර ඒකකයේ සිට ටිකට් කපාගෙන ගෙදර ඇවිත් දැන් සුවයෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවසීය.
ලක්මව නැවත රෝගී වුවහොත් දැඩි සත්කාර ඒකකයේ සිට මෝචරියට යවන්න සිදුවන හෙයින් එම ඇත්ත තත්ත්වය රටේ ජනතාව හොඳාකාරවම තේරුම්ගත යුතුව තිබෙන බවද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා මේ බව පැවසූයේ එක්සත් ජාතික පක්ෂයේ පුහුණුව ලැබූ කථිකයන් සඳහා සාමාජික හැඳුනුම්පත් නිකුත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා එජාප ජාතික සංවිධායක සාගල රත්නායක, සභාපති වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න,එජාප දේශපාලන පර්යේෂණ අංශයේ ප්‍රධානී ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ශමල් සෙනරත්, ලක් වනිතා පෙරමුණේ සභාපතිනී ශාන්තිනී කෝන්ගහගේ මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
©අංජුල මහීක – ලංකාදීප


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට