එක්සත් ජාතික පක්ෂයේ බියගම ආසන සංවිධායක කෝටිපති ව්‍යාපාරික ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා එක්සත් ජාතික පක්ෂයේ තම දරු සියලු තනතුරුවලින් ඉවත් වී තිබෙනවා.
පක්ෂයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඇති වූ දැඩි කලකිරීම මෙම ඉල්ලා අස්වීමට හේතු වූ බවයි ඔහු අප කළ විමසීමකදී සඳහන් කළේ.
සිය තනතුරුවලින් ඉල්ලා අස්වූ ගුරුගේ මහතා පසුගියදා (04) සමගි ජනබලවේගයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙන්නේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් අනතුරුවයි.
එහිදී ගුරුගේ මහතාට සමගි ජනබලවේගයේ වෘත්තීයවේදි සංසදයේ සාමාජිකත්වය, බෞද්ධ ආගමික කටයුතු පිළිබඳව උපදේශකත්වය මෙන්ම විපක්ෂ නායකවරයාගේ උපදේශක තනතුරක්ද පිරිනමා තිබෙනවා.
ගුරුගේ දේපල වෙළදාම් , ගුරුගේ නේචර් පාර්ක් සහ හෝටල් ඇතුළු ව්‍යාපාර රැසක හිමිකරුවෙකුද වන අචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ දේපළ කළමනකරණය පිළිබඳ උපාධිධාරියෙක්.
ආචාර්ය උපාධිදාරියෙකු වන ඒ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ නිකාය ආරක්ෂක සභාවේ මහ භාණ්ඩාගාරික ලෙසද කටයුතු කරනවා.
පසුගිය මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙන්වෙන් ගම්පහ දිස්ත්‍රිකයේ බියගම ආසනය නියෝජනය කළේ එහි සංවිධායකවරයා ලෙස කටයුතු කරමින්.
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් ක්‍රියාකාරකම් සහ නායකත්වය පිළිබඳ තමාට පැහැදිලි විවේචනයක් තමන්ට ඇති බව ගුරුගේ මහතා මීට දින කිහිපයකට පෙර ප්‍රසිද්ධ මාධ්‍යයකට මුල් වරට හෙළි කළේද Mee Massoo TV සමග සංවාදයකට එක් වෙමින්.
එහිදී එක්සත් ජාතික පක්ෂ නායකත්වය තුළ ඇති අඩුපාඩු කිහිපයක්ද ඔහු හෙළි කළා.
අදාළ සංවාදය පහතින්..
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට