එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී බලයට පැමිණ මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගි ජනබලවේගය පක්ෂයට සහය පල කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් විනය පරීක්ෂණ සිදු කිරීම සහ ඔවුන් අදාල මන්ත්‍රී ධුර වලින් නෙරපා හැරීම අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබු නඩුවෙහි තීන්දුව අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කලේ එහිදී අධිකරණය විසින් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයට එරෙහිව වෙනත් පක්ෂයකට සම්බන්ධ වී කටයුතු කළ අදාල පිරිස සම්බන්ධයෙන් ක්‍රියා කිරීම නිවැරදි බව තහවුරු කළ බවයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගි ජනබලවේගය පක්ෂයට සහය දුන් පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරුන් එම තනතුරුවලින් ඉවත් කොට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මීළඟ සුදුස්සන් එම තනතුරුවලාට පත් කිරිමාට වහා පියවර ගන්නා බවද පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළා.
මීට අමතරව සමගි ජනබලවේගයේ බහුතර පිරිසකගේ සහයද ලබා ගනිමින් ඉදිරියේදී සිදු කරන විශේෂ කටයුත්තක් පිළිබඳවද එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අනාවරණය කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට