එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත මෙරට එන්නත්කරණ වැඩසටහන සඳහා යොදා ගැනීමට අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ මේ වනවිට මෙරට තුළ කොවිඩ් රෝගීන් වාර්තාවීමේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය
මේ වනවිට කොවිඩ් රෝගීන්ගේ අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. විවිධ එන්නත් කෙරෙහි අපේ අවධානය යොමුවෙලා තියෙනවා. ඒ ආයතනවලින් කවුරුහරි නියෝජිතයෙක් ඉල්ලුම් කරන්න ඕනේ ලියාපදිංචි කරන්න. ඊයේ SPC ආයතනයේ සභාපතිතුමා කිව්වා ෆයිසර් ආයතනයට දන්වලා තියෙනවා කියලා ලියාපදිංචිය සඳහා අවශ්‍ය තොරතුරු එවන්න කියලා “


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට