මා දන්නා චරිත රත්වත්තේ මහතා 80 දශකයේ දී ශ්‍රී ලංකාවේ තරුණ සේවා සභාව ඇති කිරීමටත්, එය නිසියාකාරව රටට ප්‍රයෝජනවත් ආකාරයට හැසිරවීමටත්, නායකත්වය දුන් රාජ්‍ය නිලධාරියෙකු වනවා.
එලෙසම 1988 වකවානුවේ ජනසවිය ව්‍යාපාරය ආරම්භ කරන විටත් ඒ සඳහා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට අවශ්‍ය සහයෝගය ලබාදුන් රාජ්‍ය නිලධාරියෙකු ලෙසයි අප දැන හඳුනාගෙන සිටින්නෙ.
රත්වත්තේ මහතා 2001 වකවානුවේදී රටේ ආර්ථිකය කඩා වැටුනු අවස්ථාවේ දී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඉතාමත් වැදගත් සේවාවක් කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පියවර ගත්තා.
රාජ්‍ය නිලධාරීන් ගන්නා තීරණ වලදී රජයට ලාභයක් සිදු වූ විට ස්තූති කරන්නේ නැහැ. එසේම රජයට වාසිදායක තත්ත්වයක් උදාවූ විට ඔවුනට සහන ලබා දෙන්නේත් නැහැ. සත්භාවයෙන් ගන්නා තීරණ වලදී සිදුවන පාඩු ගැනද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන සහ මුදල් අමාත්‍යංශයේ රෙගුලාසි අනුව රාජ්‍ය සේවකයන් හැසිරවිය යුතුයි කියන එකයි හිටපු රාජ්‍ය පරිපාලන ඇමතිවරයෙකු ලෙස මට ප්‍රකාශ කරන්න තිබෙන්නෙ.
විශේෂයෙන් අපරාධ හැර අනික් අවස්ථාවල රාජ්‍ය සේවකයන් බොහොම සංවේදී පුද්ගලයන් නිසා පරිස්සමින් හැසිරවීම කළ යුතුයි කියන එකත් මේ අවස්ථාවේ මා මතක් කරනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට