Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඌමා ඇල යළි පණ ලබයි

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ඌමා ඇල අමුණ පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වයෙන් විනාශයට ලක්වූ අතර එය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණෙමින් පවති.

වර්ෂ 1856 දි ආරම්භ වූ මෙම ඌමා ඇල ව්‍යාපෘතිය උඩරට එළවලු වගාවට 65% ක පමණ දායකත්වයක් ලබා දෙන වාරි ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය කිලෝමීටර 17 ක් පමණ දීර්ඝ වන අතර ගොවි පවුල් පන්දහසකට අධික ප්‍රමාණයක් සිය ගොවිතැන් කටයුතු සිදු කරනු ලබයි.

බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීම උදෙසා සිදු කරන මහා ශ්‍රම මෙහෙයුමට අනුව හානියට පත්වු මෙම ඌමාඇල අමුණ ප්‍රතිසංස්කරණ කිරිම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා ප්‍රාදේශිය ඉන්ජිනේරු අධීක්ෂණය යටතේ යුධ හමුදාව, මහා සංඝ රත්නය, ප්‍රාදේශිය ගොවි සංවිධාන නියෝජිතයන් හා ප්‍රදේශවාසින් ඇතුලු පිරිසක් විසින් මහා පරිශ්‍රමයකින් යුතුව සිදු කරමින් පවතී

ඌවපරණගම ඌමාඇල වාරිව්‍යාපෘතියේ ගැටහවුල්පත අසන්නයේ ඇලබැම්ම හා ඌමා ඇල අමුණ ප්‍රදේශ නිරික්ෂණය කිරිම‌ට ද පසුගියදා (13) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බන්ඩාර මහතා සහභාගි විය.

About The Author