රසායන පොහොර සමාගම් සමඟ එක්ව ආණ්ඩුවේ කාබනික පොහොර වගාවට අකුල් හෙළමින් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විවේචනය කළ බවටත් චෝදනා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල දරන තනතුරු සියල්ලෙන් ඉවත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත කේ ජයසිංහ මහතාට අද (26) උපදෙස් දී ඇති බව වාර්තවනවා.
ඒ අනුව මාරඹේ මහතා විසින් දැරූ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරය, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරය සහ කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරය යන තනතුරු සියල්ලෙන්ම ඉවත් කිරීමට කටයුතු කෙරෙනු ඇති.
මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා රසායනික පොහොර ආනයනය කරන සමාගමක් වන සී .අයි. සී හෝල්ඩින් සමාගමේ අධ්යක්ෂවරයකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති බවත් ඉකුත් රජය ග්ලයිපෝසේට් ආනයනය නතර කිරීමට ගත් තීරණයට එරෙහිව නායකත්වය ගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවට ද ඔහුට චෝදනා එල්ල වී ඇති බව ද පැවසෙනවා.
මීට අමතරව මහාචාර්යවරයාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ක්‍රියාත්මක කරන පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය විවේචනය කරමින්, ඊට එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාව, ප්‍රජා සංවිධාන හා සාමාන්‍ය ජනතාව පෙළ ගැස්වෙන ආකාරයේ ප්‍රකාශන සිදු කිරීම බවයි වාර්තාවන්නේ.
මීට අමතරව ඔහු රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක විවිධ තනතුරු දරමින් රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුවී තිබෙන බවද සඳහන්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි