Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

උද්ඝෝෂණ , විරෝධතා කළොත් අත්අඩංගුවට – නිල වශයෙන් දැනුම් දෙයි

මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම්, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් කොවිඩ් පැතිරයෑමේ අවදානමක් ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු එවැනි උද්ඝෝෂණ හා මහජන ඒකරාශීවීම් සිදුනොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්දී තිබෙනවා.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳව දන්වා ඇති බවයි.

ඒ අනුව එම නිරෝධායන නියෝගවලට අදාළව පොලීසිය ක්‍රියාකරනු ඇති අතර එම නියෝග කඩකරමින් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ද පොලිසියට හැකියාව උදාවනවා.

About The Author