රාජපක්ෂ පවුලේ සමීප හිතවතෙකු වන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ මැදිහත් වීමෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් වැඩ පිළිවෙල රැසක් ගෙන තිබෙනවා.
අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු නිල නොවන සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ කටයුතු කරන අයුරින් තීන්දු තීරණ ගනිමින් ක්‍රියා කරන බවයි.
ඔහුගේ කටයුතු සඳහා රාජපක්ෂ සහෝදරවරුන්ගේ පුර්ණ ආශිර්වාදයද හිමිව ඇති බව සඳහන්.
කයිවාරු ගැසූ නිලධාරීන් සංචාරක කර්මාන්තය සංවර්ධනය සඳහා අසමත් වී ඇති බව පවසමින් උදයංග වීරතුංග මහතා විසින් තම නිල Face Book පිටුවේ දක්වා ඇත්තේ වසර 06කට පසු එනම් 2014 වසරින් පසු ඇණහිට තිබු රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තමන්ට හැකියාව ලැබුණු බවයි.
ඒ අනුව මොස්කව් සහ කටුනායක අතර සෘජු ගුවන් ගමන් සිය මැදිහත් වීම මත නැවත ආරම්භ කළ බවයි වීරතුංග මහතා සඳහන් කරන්නේ.
අදාළ සටහන පහළින් ..
Domodedovo Airport welcomed SriLankan UL533 Inaugural flight to Moscow, with a water salute. එදා මා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව, රුසියානු සංචාරකයින් 2014 දී පමණක් 91.66% වැඩිවීමක් ප්‍රත්‍යක්ෂ විය. එදා එම ප්‍රතිඵල තව දුරටත් වර්ධනය කිරීමට ඉතාම අත්‍යවශ්‍ය කරුණක් වූයේ මොස්කව් සිට කොළඹ අතර සෘජු ගුවන් සේවය බව කිව යුතුය. එසේ මාගේ මැදිහත් වීමෙන් 2011 ඔක්තෝබර් මස සිට ශ්‍රී ලංකන් ගුවන් සේවය සතියකට තෙවරක් මොස්කව්-කොළඹ අතර ආරම්භ කළ සෘජු ගුවන් ගමන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාදී තිබුණේය. එසේ නමුත් යහපාලන රජය බලයට පත්වූ සැනින්ම මෙම මොස්කව් සෘජු ගුවන් සේවය නතර කරන ලදී. එසේ රාජපක්ෂ රජයේන් හා උදයංග වීරතුංග ගෙන් පලිගන්න 2015 දී නතර කර ශ්‍රීලන්කන් මොස්කව් ගුවන් ගමන් නැවතත් මා විසින්ම වසර 6 කට පසු ආරම්භ කිරීමට හැකි වීම හිතට ලොකු සතුටක්.. එහිදී, මාගේ සංකල්පය පිළිබඳ විශ්වාස තැබු මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සහ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාට මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ සභාපතිව අශෝක පතිරගේ සහ ශර්මාල් පෙරේරා ඇතුළු ගුවන් සමාගමේ නිලධාරීන්ට අපගේ අවංක ස්තුතිය ප්‍රකාශ කරමු..එහෙත් අද අපේ සංචාරක බලධාරීන් විසින් යහපාලන රජයේ ක්‍රියාකලාපය තවදුරටත් අනුගමනය කිරීම, සංචාරක කර්මාන්ත මත ජීවත්වන ලක්ෂ 30 ක ලාංකිකයන්ගේ අවසානාවය..
මේ අතර අද (01) උදෑසන 06.30 ට රුසියාවේ සිට ශ්‍රීලංකාවට පැමිණි ගුවන් යානයක් හරහා රුසියානු සංචාරකයින් 30 දෙනෙකු මෙරට ට පැමිණි බවද ඔඅහු සඳහන් කර තිබෙනවා.
උදයංග වීරතුංග මහතා ඒ පිළිබඳව ද තම නිල Face Book පිටුවේ සටහනක් තබා තිබෙනවා.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී “හොඳ රටකින්” සංචාරකයන් රැගෙන එන බවට කයිවාරු ගැසු බලධාරීන්, මෙතෙක් එවැනි ගුවන්යානා රැගෙනවිත් නැති බව පෙන්වා දෙමු. එසේ නමුත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ශ්‍රීලන්කන් ගුවන් සේවා සමාගමේ අශෝක පතිරගේ සභාපතිතුමාගේ සහයෝගය මත, “රුසියානු සංචාරක බුබුළ” සංකල්පයට අනුව රුසියාවේ මොස්කව් නගරයේ සිට SriLankan Airlines පලවෙනි ගුවන්යානාව අද උදේ 06.30 සංචාරකයන් 30 දෙනෙක් රැගෙන කටුනායක ගුවන්තොටුපලට පැමිණියේය. එබැවින් රජයේ සාමුහික වගකීමක් ලෙස නිරෝදන කාලය දින 3කට අඩුකර, වහාම රට විවෘත කලොත් පමණක් රුසියානු සංචාරකයන් මෙරටට පැමිණේන බව බලධාරීන් තේරුම් ගත යුතුය.. උදයංග වීරතුංග – හිටපු ශ්‍රිලංකා තානාපති.
මේ අතර උදයංග වීරතුංග මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා විසින් මීට පෙර අවස්ථවේදී සංචාරකයින් මෙරටට ගෙන ඒම මගින් මෙරට සමාජය තුළ කොරෝනා ව්‍යාප්තිය සිදු කළ බවත් ඒ හරහා ජනතාවගේ ජීවිත අවදානමේ හෙලා ඇති බවත් සඳහන් කරමින් උලපනේ සුමංගල හිමියන් ඇතුළු පිරිසක් විසින් නඩු කටයුත්තකටද මුල පුරා තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට