කැබිනට් අනුමැතියත් හිමිවෙයි
ඉන්දීය ධීවරයන් විසින් ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කරමින් නීති විරෝධී ක්‍රම යොදා ගනිමින් මෙරට මත්ස්‍ය අස්වැන්න ඉන්දියාවට ගෙන යාමේ ජාවාරමක් ක්‍රියාත්මක වන අතරතුර උතුරේ ධීවර වරායන් සම්බන්ධයෙන් ඉන්දීය මැදිහත් වීමක් සිදු කිරීම සඳහා රජය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලබා දී ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව, පේදුරුතුඩුව, පේසාලේ, ගුරුනගර්, බලපිටිය සහ වෙනත් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වනු ලබන ස්ථානයන්හි ධීවර වරායන් සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජයේ සහාය ලබා ගැනීම සඳහා බව සඳහන් කරමින් දෙරට අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට අදාළ කටයුතු සිදු කර ඇති බවයි වාර්තාවන්නේ.
මේ සඳහා කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට