ජනතා සහය ඉල්ලයි
යාපනයේ තැනින් තැන වර්ධනය වෙමින් පවතින අපරාධ හා ප්රචණ්ඩ ක්රියා රැල්ල වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.එස්.චාර්ල්ස් මහත්මිය ඊයේ (30) සියලුම ආරක්ෂක අංශ ප්රධානීන්ට දැනුම් දී ඇති බව වාර්තවනවා.
යාපනයේ බොහෝ ස්ථානවල විවිධ ආකාරයේ අපරාධ හා ප්රචණ්ඩකාරී ක්රියාවන් සිදුවන බව පෙන්වා දෙන ආණ්ඩුකාරවරිය ඒ පිළිබඳ තමන් දැඩි කනස්සල්ලෙන් සිටින බවද ප්රකාශ ප්රකාශ කර තිබෙනවා.
යාපනයේ දී අපරාධ සිදු කරන කොටස් පලා ගොස් දකුණේ සැඟවී සිටින බවත් මෑතකදී එවැනි පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පෙනී යන්නේ මේ අපරාධ සංවිධානාත්මක ජාලයක් මගින් සිදු කරන බවද පෙන්වා දෙන ආණ්ඩුකාරවරිය අපරාධ මැඩලීම සඳහා මහජන සහය ඉල්ලා සිටීමද විශේෂත්වයක්.
මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජනතා සහය පතන ඇය තොරතුරු ලබා දීම සඳහා දුරකතන අංක දෙකක්ද ප්රසිද්ධියට පත් කර තිබෙනවා.
එම දුරකථන අංක –
0777229338, 0768095139
© මුලාශ්රය – අරුණ
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි