Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

උතුරේ ජනතාවගේ ප්‍රශ්න වාර්තා කිරීමට ගිය BBC මාධ්‍යවේදියා පසුපස නාදුනන පිරිසක් ලුහුබැඳලා – පොලිස් මුලස්ථානයට පැමිණිලක්

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සමග සංවාදයට ලක්වන ශ්‍රී ලංකාවේ උතුරේ ජනතාව මතුකරන ප්‍රශ්න සම්බන්ධයෙන් තොරතුරු වාර්තාකරණයේ යෙදි සිටි BBC මාධ්‍යවේදියෙකු පසුපස නාදුනන පිරිසක් ලුහුබැඳ තිබෙනවා.

BBCය වෙනුවෙන් දමිළ මාධ්‍යයෙන් වාර්තා ඉදිරිපත් කිරීම පැවරී ඇති අදාළ මාධ්‍යවේදියා පසුගිය දින කිහිපයේදී උතුරේ ජනතවගේ ප්‍රශ්න සම්බන්ධ මාධ්‍යය වාර්තාවක් සකස් කිරීමේ නිරතව තිබෙනවා.

ඔහු පවසන්නේ එලෙස යාපනයට ගිය කාලය පුරා යම් කණ්ඩායමක් තමා ලුහුබැඳ පැමිණි බවයි.

BBC මාධ්‍යවේදී ආර්. අරුන් ප්‍රසාත් මහතා සඳහන් කරන්නේ තමන්ගේ නිවාස පිහිටා ඇති රක්වාන ප්‍රදේශයේ මෙන්ම බිරිඳගේ නිවාස පිහිටි නුවර ප්‍රදේශයටද ගොස් පිරිසක් තමා පිළිබඳ තොරතුරු විමසා ඇති බවයි.

මේ තත්වය තුළ ගමේ ජීවත්වන පිරිස් අපරාධකරුවෙකු ලෙස තමා පිළිබඳ දකින බවත්, මේ හේතුවෙන් මාධ්‍යවේදියෙකු වන තමන් දැඩි මානසික හිරිහැරයකට පත්ව සිටින බවත් පවසන අරුන් ප්‍රසාත් මහතා, තමා පසු පස පැමිණෙන පිරිස කවුරුන්ද යන බව දැන ගැනීමට තමන්ට අයිතියක් ඇති බව ද සඳහන් කරනවා.

ඔහු සඳහන් කරන්නේ වසර 14 කට ආසන්න තම මාධ්‍ය ජීවිතය තුළ අවස්ථා රැසක බුද්ධි අංශ නිලධාරීන් ද තමා පසුපස පැමිණ ඇති නමුත් කිසිදිනක තමන්ට මෙවැනි ප්‍රශ්නයකට මුහුණ පෑමට සිදු නොවූ බවයි.

ඒ අනුව තමන්ට දිගින් දිගටම සිදුවන හිරිහැර සම්බන්ධයෙන් සොයාබලන ලෙස සහ අදාළ පිරිස කවුරුන්ද යන්න සොයා බලන ලෙස ඉල්ලා අරුන් ප්‍රසාත් මහතා පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අංක CIB 1 392\14 දරන තොරතුරු පොතේ යොමු අංකය යටතේයි.

About The Author