Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර

උතුරු කැරොලිනාවේදී බ්‍රහස්පතින්දා (18) සිදුවූ Cessna Citation 550 වර්ගයේ පෞද්ගලික ජෙට් යානා අනතුරකින් විශ්‍රාමික NASCAR රියදුරු ග්‍රෙග් බිෆල් (Greg Biffle) සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආපදාවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා පුද්ගලිකව පියාසර කරමින් සහන හා ගලවා ගැනීමේ මෙහෙයුම් ඇතුළු මානුෂීය සේවාවන් හේතුවෙන් බිෆල් එරට විශාල ගෞරවයක් දිනාගෙන සිටි අයෙකි.

උතුරු කැරොලිනාවේ ස්ටේට්ස්විල් ප්‍රාදේශීය ගුවන්තොටුපළට ගොඩබෑමේදී මෙම ජෙට් යානය කඩා වැටී ඇත.

බිෆල්ගේ බිරිඳ ක්‍රිස්ටිනා, දරුවන්වන 5 හැවිරිදි රයිඩර් සහ 14 හැවිරිදි එමා ගුවන් යානයේ සිටි බව සදහන් වේ. ඒ අනුව මෙම ගුවන් අනතුරින් යානයේ සිටි සාමාජිකයින් 07දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරට හේතුව මෙතෙක් ප්‍රකාශ වී නොමැති අතර, වැසි සහ වළාකුළු පිරි තත්වයන් යටතේ යානය ගුවන් තොටුපළට ආපසු යාමට හේතුවද නිශ්චිතව මෙතෙක් අනාවරණය කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ග්‍රෙග් බිෆල්, හෙලිකොප්ටර් සහ තනි සහ බහු එන්ජින් ගුවන් යානා පියාසර කිරීම සම්බන්ධයෙන් ශ්‍රේණිගත කර ඇති අයෙකි. අනතුර සිදුවන අවස්ථාවේ බෆල් යානය පදවාගෙන ගියේද යන්න පැහැදිලි නෙැමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

About The Author