මේ වන විට පෘථිවියේ ඉහළ වායුගෝලයේ අභ්‍යවකාශ සුළි කුණාටුවක් ඇති වී තිබේ. ඒ හේතුවෙන් පුරා පැය අටකට ආසන්න කාලයක් තිස්සේ උත්තර ධ්‍රැවය හරහා ඉලෙක්ට්‍රෝන වැසි ඇද හැළුණි.
උත්තර ධ්‍රැවයට කිලෝමීටර් සිය ගණනක් ඉහළින් පිහිටි, ස්කන්ධය කිලෝමීටර් 1,000ක් පමණ වන ප්ලාස්මාව විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එහි අභ්‍යවකාශ සුළි කුණාටුවක් ඇති වී තිබෙන බවට විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ.
පෘථිවියේ ඉහළ වායුගෝලයේ පිහිටුවා තිබෙන චන්ද්‍රිකා විසින් නිරීක්ෂණය කරන ලද මෙම අභ්‍යවකාශ සුළි කුණාටුව, ජලය වෙනුවට ඉලෙක්ට්‍රෝන වස්සවන බව පෙනේ. මේ වන විට එය ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වී ඇති අතර ඊට පෙර පැය අටකට ආසන්න කාලයක් තිස්සේ වැසි ඇද හැළිණි.
මෙම සිදුවීම හේතුවෙන් වැදගත් අභ්‍යවකාශ කාලගුණික බලපෑම් ඇති වනු ඇති අතර ජී.පී.එස්. පද්ධතිවලට ද බාධා සිදු වනු ඇතැයි අපේක්ෂා කරන බව විද්‍යාඥයෝ පවසති.
නිරීක්ෂණය කරන ලද සුළි කුණාටුව 2014 දී ද මෙයට වඩා අඩු භූ චුම්භක ක්‍රියාකාරිත්වයකින් සිදු වූ අතර එය අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුළ මෙන් ම ඉන් ඔබ්බට ද සිදුවන බොහෝ දේවලින් එකක් විය හැකි ය.
ry5e
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්