Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

උඩින් යද්දී දෙකක යනවා – බිමින් යද්දී තුනක යනවා – නැත්නම් ජනපති අනාරක්ෂිතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් කරන ඇතැම් අවස්ථාවල හෙලිකොප්ටර් යානා දෙකක් යොදාගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතු කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ චමල් රාජපක්ෂ මහතායි.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා එසේ ගමන් කරන්නේ ආරක්ෂාව සඳහා බවයි.

අද වන විට ජනාධිපතිවරයා පෙර සම්ප්‍රදාය වෙනස් කර ඇති බවත් ඔහු ජනාධිපති මන්දිරය භාවිත නොකර තමන්ගේම නිවසේ සිටින බවත් ආරක්ෂාව ද වෙනස් කර ඇති බවත් චමල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයා ගොඩබිම් මාර්ග හරහා යන විට යොදාගන්නේ වාහන තුනක් පමණක් බවද චමල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.

රටේ ජනාධිපතිවරාට උඩින් යන්න බැරිනම් කොහෙන්ද යන්න දැයි විමසූ රාජපක්ෂ මහතා හෙලිකොප්ටර් යානා දෙකක් ඔහුගේ ගමන් සදහා යොදාගන්නේ ඔහුගේ ආරක්ෂාව සඳහා බවද අවධාරණය කළා.

About The Author