ස්වර්ණමහල් හා ඊ.ටී.අයි. ආයතනවල අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කරන ලද ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන අය අද (06) කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.
ඔවුන්ගෙන් ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ඊයේ දිනයේ රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත අතර අසංක එදිරිසිංහ මහතා අද පෙරවරුවේ පොලිසියට භාර වී තිබෙනවා.
අනතුරුව ඔවුන් සිව් දෙනාම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී ඔවුන් ඇප පිට නිදහස් කර තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුනේ ගණුදෙනු කරුවන්ගේ සහ තැන්පත් කරුවන්ගේ රුපියල් බිලියන 13 .7 ක මුදලක් සාවද්‍ය පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට