සෑම ඉන්ධන වර්ගයකම ලීටරයක නිෂ්පාදන බද්ද රුපියල් 25 කින් ඉහළ දැමීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. මේ නිසා ඉන්ධන ලීටරයක මිල අවම වශයෙන් රුපියල් 25 කින් ඉහළ යනු ඇතැයි වාර්තා වේ.
ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් ලීටරයක් සඳහා පැවැති රුපියල් 27 ක නිෂ්පාදන බද්ද මෙම නව බදු ඉහළ දැමීමත් සමඟ රුපියල් 52 ක් බවට පත්ව ඇති බවත් වෙනත් පෙට්‍රල් ලීටරයක් සඳහා පැවැති රුපියල් 27 ක බද්ද රුපියල් 52 ක් දක්වා ද ඉහළ ගොස් ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
සාමාන්‍ය ඩීසල් ලීටරයකට පැවැති රුපියල් 6 ක නිෂ්පාදන බද්ද රුපියල් 31 ක් දක්වා ද, සුපිරි ඩීසල් ලීටරයක් සඳහා පැවැති රුපියල් 13 ක බද්ද රුපියල් 38 ක් දක්වා ද, ඉහළ දමා ඇති බවත් ඊට අමතරව සෙසු සියලුම ඉන්ධන වර්ග සඳහා පැවැති රුපියල් 13 ක නිෂ්පදාන බද්ද රුපියල් 38 ක් දක්වා ද, ඉහළ දමා ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සදඟන් කළේය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට