ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට දීමට නොපමාව ක්‍රියා කරන්නැයි මුදල් අමාත්‍යාංශය භාණ්ඩ හා සේවා සපයන්නන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට දීමට බොහෝ ආයතන ක්‍රියා කර නැතැයි මුදල් අමාත්‍යාංශයට පැමිණිලි රැසක් ඉදිරිපත්ව ඇතැයි පැවසේ. අමාත්‍යාංශය මූලික පියවරක් ලෙස මෙම ඉල්ලීම කර ඇත්තේ ඒ අනුවය.
තවද ඉන්ධන මිල අඩු කිරීමේ සහනය ජනතාවට පුළුල් අයුරින් ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
මේ අතර ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව සහල් මිලද යම් ප්‍රමාණයකින් අඩු කළ හැකි බව පාරිභෝගික සංගම් පෙන්වා දෙයි.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්