Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉන්ධන පිරවුම්හල් තුළ ජංගම දුරකථන බෑ : තෙල් දෙන ඇප් එකට බකට් එකක්

බලශක්ති ශක්ති අමාත්‍යංශ ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට ඉන්ධන නිකුත් කිරීම දිනය නියමක් නොමැතිව කල්දැමූ බව බලශක්ති අමාත්‍යංශය නිලධාරියෙකු තහවුරු කර ඇති බව අද (19) පස්වරුවේ ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේතය ජංගම දුරකථන හරහා ඉන්ධන පිරවුම්හල්වලට ගෙනයෑමේ ප්‍රායෝගීක ගැටලුවක් ව ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල රක්‍ෂණ ආවරණය ඉවත්කරන බව රක්‍ෂණ සමාගම් දැනුම් දී ඇති බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ පවසා තිබෙනවා.

මීට හේතුවී තිබෙන්නේ ඉන්ධන පිරවුම්හල් තුළ ජංගම දුරකථන සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියාත්මක කිරීම අනතුරු දායක වන බවට පවතින විශේෂඥ මතය සැලකිල්ලට ගෙනයි.

මෙම අවදානම රක්ෂණ සමාගම් විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා විකල්ප ක්‍රියාමර්ගයක් අනුගමනය කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද එම නිලධාරියා පවසා තිබෙනවා.

About The Author