මේවා මහා අපරාධ : මිලියන ගණනක මුදල් නාස්තියක් : දුම්රිය වෘතිය සමිති හෙළිකරයි
දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය නොවන සහ මෙරට දුම්රිය මාර්ග වල ධාවනය කළ නොහැකි දුම්රිය මැදිරි එකසිය විස්සක් විනාශ වෙමින් පවතින බව අනාවරණය වනවා.
දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ කැදවුම්කරු එස්.පි විතානගේ මහතා පෙන්වා දෙන්නේ ඉන්දියානු ණය ක්‍රමය යටතේ මෙම ප්‍රමිතියට නැති දුම්රිය මැදිරි ගෙන්වා ඇති බවයි.
පසුගිය ආණ්ඩුව පැවැති සමයේ ඇනවුම් කරන ලද මෙම මැදිරි 2021 වසරේ අග දක්වා විටින් විට මෙරටට ගෙන්වා තිබෙනවා.
මෙසේ ආනයනය කරන ලද මැදිරි, සාමාන්‍යයෙන් දුම්රිය මැදිරි රඳවා තැබෙන මාලිගාවත්ත දුම්රිය අංගනයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් යාපනය සහ කන්කසන්තුරයේද රඳවා තිබෙන බවයි විතානගේ මහතා පෙන්වා පවසන්නේ.
මෙම මැදිරි සඳහා යොදාගෙන ඇත්තේ තුනී තහඩු වන බැවින් ඒවා මේ වන විටත් මළ කඩ කමින් දිරා යන තත්ත්වයට පත්ව ඇති බව ද ඔහු සඳහන් කරනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,
” මෙම දුම්රිය මැදිරි අතර දුම්රිය මැදිරි වර්ග කිහිපයක් තියනවා.
තුන්වැනි පන්තියේ මැදිරි 41ක්, දෙවැනි පන්තියේ මැදිරි 41ක්, වායුසමීකරණය කරපු මැදිරි 35ක් තියෙනවා.
මේ ගෙනැවිත් තියෙන තුන්වෙනි පන්තියේ මැදිරියක් සඳහා ඩොලර් 584 240 ක් දෙවැනි පන්තියේ මැදිරියකට 572 254ක් සහ වායු සමීකරණය කළ එක් මැදිරියකට ඩොලර් 801 251 මුදලක් ගෙවල තියනවා.
මේවා අපි හැදුව නම් අපිට එක මැදිරියක් හදන්න යන්නේ රුපියල් කෝටි පහක් වගේ මුදලක්.
දැන් මේ ගෙනාපු ඒවා දිගින් වැඩියි. සමහර මාර්ග වල ධාවනයට දාන්න බැහැ.
කවුරු කළත් මේක නාස්තිකාර වැඩක්.
මේ ඇනවුම අනුව මැදිරි 160 ක් ලංකාවට ගේනවා.
දැනට ගෙනත් තියෙන්නේ 120 තිරි ටික ඉදිරි කාලයේ ලැබේවි.
එහෙම කරල මේ අය දැන් කියනවා දුම්රිය පාඩුයි කියලා”
මුලාශ්‍රය – ලංකා
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි