Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉන්දියාවේ බෝම්බ ප්‍රහාරය ගැන කරුණු රැසක් අනාවරණය වෙයි. ආරක්ෂාවත් තර වෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන 17 වැනි සියවසට අයත් රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ ඊයේ (10) රාත්‍රියේ සිදුවූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චාන්දනී චෝක් මෙට්‍රෝ දුම්රිය ස්ථානය ආසන්නයේ මංසන්ධියක සෙමින් ගමන්කරමින් පැවති සුදු පැහැති මෝටර් රථයක් තුළ මෙම පිපිරීම සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

මෙම පිපිරීමට පැය කිහිපයකට පෙර යම් ප්‍රහාරයක් එල්ලකිරීමට සූදානමක් ඇති බවට තොරතුරු රැසක් අනාවරණ වී තිබූ අතර එම තොරතුරුවලට අනුව සිදුකළ විමර්ශනයකදී නවදිල්ලි අගනුවරට කිලෝ මීටර් 50ක් පමණ දුරින් පිහිටි හර්යානා හි ෆරීදාබාද් නගරයේ නිවසක තිබී පුපුරන ද්‍රව්‍ය කිලෝ 2,900ක් පමණ ආරක්ෂක අංශුව විසින් සොයාගෙනතිබේ.

පිපිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම ත්‍රස්ත විමර්ශන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සිය සහ ජාතික ආරක්ෂක බලකාය විමර්ශන ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීම සිදුවීමෙන් පසු දිල්ලි ප්‍රාන්තයටත්, මුම්බායි, කොල්කටා, බැංගලූරු, ජායිපූර්, හර්යානා, පන්ජාබ්, හයිද්‍රාබාද්, උත්තර් ප්‍රදේශ්, උත්තරාකන්ද් යන නගර සහ ප්‍රාන්තවලට ආරක්ෂාව තර ඇති අතර ඉන්දියාවේ සියලුම දුම්රිය ස්ථානවල සහ ගුවන් තොටුපොළවල මෙන්ම ප්‍රධාන ස්ථාන වල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

About The Author