පවුලටම අසනීපයි ඉන්නේ රෝහලේ
මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙස බොහෝ දෙනෙකු හදුනන ඒලියන්ත වයිට් නොහොත් ඉමේෂ් රංගන මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බව වාර්තාවනවා.
ඒ මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන්.
කොරෝනා ආරම්භක අවධියේ දී ඔහු කියා සිටියේ තමන් සතු කුණ්ඩලීනී ශක්තියෙන් ශ්‍රී ලංකාවේ කොරෝනා පාලනය සදහා තමන් කටයුතු කල බවයි.
එමෙන්ම ඉන්දියාවේ ද කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තමන් මැදිහත් වූ බවද ඔහු සඳහන් කළේ යැයි එකල මාධ්‍ය වාර්තා කර තිතිබුණා.
මීට අමතරව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු රජයේ මැති ඇමතිවරු කිහිපදෙනෙකු විසින් ගංගා වලට මුට්ටි අත්හැරීමේ සිදුවීම පිටුපස සිටියේද එලියන්ත වයිට් මහතායි.
ඔහු ඉමේෂ් රංගන ලෙස මීට දශක කිහිපයකට පෙර කැසට් පටයක් සඳහා ගීත ගායනා කළ පුද්ගලයෙකු බවත් අද වන විට වංචා සහගත ලෙස රටේ ජනතාව නොමග යවන බවත් පවසමින් ඔහුගේ ක්‍රියාවන් දැඩිව විවේචනය කළේ දැනට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතායි.
ඔහු වරෙක සඳහන් කළේ මෙරට කීර්තිමත් වෛද්‍යවරයෙකු ද මෙම පුද්ගලයාගෙන් ලබාගත් ව්‍යාජ ඖෂධ හේතුවෙන් මියගිය බවයි.



අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට