Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉන්දියාවෙන් ගත් ණය බර සමස්ත ජනතාව පිට තබා ආණ්ඩුව පොහොට්ටු පුප්පන්නට යයි : පොහොට්ටු සාමාජිකයින්ට බඩු ගන්න කූපන් : ගමේ නායකයින්ට කඩ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ලෙඩක් අදී

ඉන්දියාවෙන් ණය අරන් ගම් දාහතරදාහක “පොහොට්ටු කඩ” දාලා පොහොට්ටු සාමාජිකයන්ට කූපන් දීලා ආණ්ඩුව කරන්න යන වැඩේ මොකක්ද?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

ඉන්දියාවෙන් ලබාගත් ණය මුදලින් ගම්මාන දාහතරදාහක පොහොට්ටු සාමාජිකයෙකු බැගින් තෝරාගෙන වෙළඳසැල් ආරම්භකොට පොහොට්ටු සාමාජිකයන්ට කූපන් ලබා දී ඒ වෙළඳසැල්වලින් භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව සලසා දීමට ආණ්ඩුව කටයුතු යොදමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

මේ මොහොතේ රටේ සියලුම දෙනා බරපතළ ව්‍යසනයකට මැදිව සිටින බව පැවසූ විපක්ෂනායකවරයා එවන් තත්ත්වයක් තුළ පෝලිම්වල දුක් විඳින ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි ප්‍රශ්න කළා.

එම ගැටලුවලට විසඳුම් ලබා දෙනවා වෙනුවට පටු බල දේශපාලන උපාය මාර්ග වෙනුවෙන් රටම බිල්ලට දෙමින් ආණ්ඩු විරෝධය සමනය කොට මැතිවරණ වලදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් කටයුතු කිරීම කණගාටු දායක බවයි ඔහු සඳහන් කළේ.

About The Author