Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉන්දියාවට ලංකාවේ අහසත් විකුණයි : සියලු පුරවැසියන්ගේ ඇඟිලි සලකුණු ඉන්දියාව අතට : රටට වසන් කළ කැබිනට් පත්‍රිකා සමඟින් හරීන් ප්‍රනාන්දු විශේෂ මාධ්‍ය සාකච්ඡාවක

බැසිල් රාජපක්ෂ ඉන්දියාවෙන් ණය අරන් රට විකුණන හැටි කියා කැබිනට් රහස් සියල්ල හෙළිකරයි

රටටම කෙළවෙලා : ඒත් මුන් තවමත් හොරකමේ කියා ඉන්ධන මිලදී ගැනීමකට අදාළ කැබිනට් පත්‍රිකාවකුත් එලියට ගනී

පසුගියදා (21) කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් විශේෂ අනාවරණයක් සිදුකළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ මේ වන විට රටේ ජාතික ආරක්ෂාවට පවා අනතුරට ලක්ව ඇති බවයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී හරින් ප්‍රනාන්දු මහතා ඉන්දීය ඔත්තු බලන ගුවන් යානා ඇතුළත් විශේෂ ඒකකයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම සඳහා අවසර ලබාදී ඇති බව සඳහන් කළා.

එය රටේ ස්වාධීනත්වය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් නිර්මාණය කරනු ඇති බව ඔහු පෙන්වා දුන්නා.

රටේ සියලූ පුරවැසියන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීම සඳහා ඉන්දියාවට අවසර ලබාදී ඇති බව පැවසු හරීන් ප්‍රනාන්දු මහතා රටේ විදුලි බල සැපයුම ඇමරිකාවට, ඉන්ධන සැපයුම ඉන්දියාවට, ,මහපොළව සහ මුහුද චීනයට , අහස ඉන්දියාවට විකුණා දැමීමට මෙම ආණ්ඩුව කටයුතු කර ඇති බවයි.

මේ අතර දූෂිත ආකාරයෙන් ඉන්ධන මිල දී ගැනීම සඳහා ඩුබායි රාජ්‍යයේ ඇති බව පැවසෙන ආයතනයක් සමග එක්ව කටයුතු කරමින් සිටින බව ද ඔහු මෙහිදී හෙළි කළා.

රටේ තීරණාත්මක විදුලි බලාගාරය කිහිපයක අයිතිය මේ වනවිට ඇමරිකාව සතුව ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී පෙන්වා දුන්නා.

මෙම තත්ත්වය තුළ විදුලි බිල පාලනය කිරීම සඳහා රජය අපොහොසත් වන බවද ඔහු සඳහන් කළා.

දැන් බොරැල්ලේ පල්ලියට බෝම්බ තිබ්බ එකා කෝ : දෙවියෝ ඇවිත් තියල ගියාද?

බොරැල්ල පල්ලියේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් හස් දැක්වූ හරින් ප්‍රනාන්දු මහතා ප්‍රශ්න කර සිටියේ මේ වන විට ඊට අදාළ සියලු සැකකරුවන් නිදහස් කර ඇති බවයි.

එසේ නම් අදාල බෝම්බය තැබුවේ කවුද යන්න රටට හෙළි කරන ලෙස ද ඔහු අභියෝග කලා.

රටේ ජනතාව රවටමින් දුර්දාන්ත පාලනයක් ගෙන යන ආණ්ඩුව පවා හැරීම සඳහා අවුරුද්දෙන් පසු දැවැන්ත සටනක් දියත් කරන පැවසූ හරින් ප්‍රනාන්දු මහතා ඒ සඳහා දේශපාලන පක්ෂ පාට නොබලා පුද්ගලිකව තමන් කටයුතු කරන බවද සඳහන් කළා.

විශේෂ මාධ්‍ය හමුව පහළින්..

About The Author