ඉදිරි දින කිහිපය තුළ නැවතත් ඉන්ධනහල් වල දැවැන්ත ඉන්ධන හිගයක් හටගනු ඇතැ’යි ඉතිරි සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටියි.
විශේෂයෙන් ඉදිරියේ ඩීසල් හිගයක් වෙතැ’යි ද එම ආරංචි මාර්ග පවසයි.
දැනට පවතින ඉන්ධන හිඟයට හේතු වී ඇත්තේ ඉන්ධන ප්‍රවාහන බවුසර රථ හිමියන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයයි.
නමුත් ඇති වීමට නියමිත ඉන්ධන හිගයට හේතු වන්නේ ඉන්ධන ආනයනය ඩීසල් නෞකාවක් මෙරටට පැමිණෙන තුරු පවතින ඩීසල් සංචිත ප්‍රමාණවත් නොවීමයි.
තාප විදුලි බලාගාර සඳහා ද ඉන්ධන සැපයිය යුතු නිසා ප්‍රවාහන කටයුතු සඳහා ඩීසල් ලබා ගැනීමේ දී මෙම අර්බුදකාරී තත්ත්වය ඇති වීමට නියමිතය.
නැවත ඩීසල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ දෙසතියකට ආසන්න කාලයකිනි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට