ඉදිරි දින කිහිපය තුළ නැවතත් ඉන්ධනහල් වල දැවැන්ත ඉන්ධන හිගයක් හටගනු ඇතැ’යි ඉතිරි සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටියි.
විශේෂයෙන් ඉදිරියේ ඩීසල් හිගයක් වෙතැ’යි ද එම ආරංචි මාර්ග පවසයි.
දැනට පවතින ඉන්ධන හිඟයට හේතු වී ඇත්තේ ඉන්ධන ප්‍රවාහන බවුසර රථ හිමියන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයයි.
නමුත් ඇති වීමට නියමිත ඉන්ධන හිගයට හේතු වන්නේ ඉන්ධන ආනයනය ඩීසල් නෞකාවක් මෙරටට පැමිණෙන තුරු පවතින ඩීසල් සංචිත ප්‍රමාණවත් නොවීමයි.
තාප විදුලි බලාගාර සඳහා ද ඉන්ධන සැපයිය යුතු නිසා ප්‍රවාහන කටයුතු සඳහා ඩීසල් ලබා ගැනීමේ දී මෙම අර්බුදකාරී තත්ත්වය ඇති වීමට නියමිතය.
නැවත ඩීසල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ දෙසතියකට ආසන්න කාලයකිනි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට