Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉදිරියේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බව සාක්ෂි ඇතැයි කී ඥාණසාර හිමියන්ගේ ප්‍රකාශය පිළිබඳ අවධානය යොමු කරන්න – කොළඹ අගරදගුරු පදවියෙන් නිවේදනයක්

ඥානසාර හිමියන් පැවසු කතාව බොරුවක් – කිසිවිටෙක අගරදගුරු හිමි ට ප්‍රහාරයක් පිළිබඳ අනතුරු අඟවා නැති බවත් කියයි

පසුගිය දිනක හිරු TV සහභාගී වෙමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් වහා විමර්ශණයක් කිරීමේ අවශ්‍යතාවය මතුව ඇති බව කොළඹ අගරදගුරු පදවිය මාධ්‍යට නිකුත් කරමින් සඳහන් කරනවා.

හිරු ටීවී ්සේ විකාශය වූ සලකුණ වැඩසටහන පසුගියදා එක්වෙමිනි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කළේ පාස්කු ප්‍රහාරය ආකාරයේ තවත් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවයි.

එම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ ව ද හඳුනාගෙන ඇති බවද උන්වහන්සේ එහිදී සඳහන් කළ බවයි කොළඹ අගරදගුරු පදවිය නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙන්නේ.

මීට අමතරව අදාළ තොරතුරු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇතැයි ද අදාල වන සටහනේ දී හෙළි වූ බව පෙන්වා දෙන කොළඹ අගරදගුරු පදවිය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා සංවේදී මෙම තොරතුරු පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදුකොට ලෙසම ද සියලු කරුණු අනාවරණය කරගත යුතු බව ද අවධාරණය කරනවා.

මේ අතර අදාළ වැඩසටහනට එක්වෙමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 2017 වසරේදී කතෝලිකයන් ඉලක්ක කරගනිමින් ්‍ ප්‍රහාරයක් එල්ල වනු ඇති බවට අගරදගුරු හිමියන් දැනුවත් කළ බවට පැවසෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද මෙම නිවේදනයෙහි කරුණු දක්වා තිබෙනවා.

ඉන් අවධාරණය කර ඇත්තේ අවස්ථාවක ඥානසාර හිමියන් අගරදගුරු හිමියන්ට කතෝලික ජනතාව ඉලක්ක කරගත් ප්‍රහාරයක් සම්බන්ධයෙන් කිසිදු අනතුරු ඇගවීමක් සිදුකර නොමැති බවයි.

එබැවින් ඒ සම්බන්ධයෙන් ඥානසාර හිමියන් සිදුකළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවද එම නිවේදනයෙහි සඳහන්.

අගරදගුරු හිමියන් සමඟ පැවැති අදාල සාකච්ඡාවේදී මුස්ලිම් ව්‍යාප්තවාදය පිළිබඳ කරුණු උන්වහන්සේ විසින් අගරදගුරු හිමියන්ට හෙළි කළ බව ද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.

අදාල සම්පූර්ණ නිවේදනය පහලින්

About The Author