ශ්‍රී ලාංකිකයින් අගමැතිට එරෙහිව විරෝධතා කළ බව ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් පවසයි
සංචාරයක් සඳහා ඉතාලියට ගොස් සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විරෝධය පළ කරමින් එරට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් විරෝධතාවයේ නිරත වූයේ පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින්.
අදාල විරෝධතාවය සඳහා ඉතාලියේ ආරක්ෂක අංශ වල අනුමැතිය පවා හිමිව තිබුණා.
එමෙන්ම අදාළ සංචාරය සම්බන්ධයෙන් ද මේ වන විට විශාල කතාබහක් නිර්මාණය වී ඇති අතර අග්‍රාමාත්‍යවරයා ඉතාලියට පැමිණියේ අන්තර් ආගමික සංහිඳියාව පිළිබඳ වැඩසටහනක ප්‍රධාන දේශනය සිදු කිරීම සඳහා බව පැවසුවද ඔහුට හිමිව තිබුණේ එහි ප්‍රධාන දේශනයෙන් නොවන බව ද මාධ්‍ය වාර්තා පළ වුණා.
මෙන්ම අදාළ සම්මන්ත්‍රණය ජී 20 රාජ්‍ය නායක සමුළුව හා සම්බන්ධ ප්‍රධාන සම්මන්ත්‍රණයක් බව සඳහන් කළ ද එය ද එසේ නොවන බවටයි ඇතැම් මාධ්‍ය චෝදනා එල්ල කළේ.
ඉතාලියේ දී මා පිළිගත් දේශප්‍රේමී ජනතවට ස්තුතියි
කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් පළ කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ උත්සව ශාලාවක් වැනි ස්ථානයක සිට මෝටර් රථයට නැගීම සඳහා පැමිණෙන අවස්ථාවේ එම ස්ථානය විශාල පිරිසක් රැස්ව සිටි අයුරුයි.
ඔවුන් ශ්‍රී ලාංකිකයන් ද නැතිනම් ඉතාලි ජාතිකයන් ද යන්න තීරණය කිරීම ඔබට පැවරෙන අතර රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවෙහි සටහන් කර තිබෙන්නේ ඉතාලියේ දී තමා පිළිගැනීම සඳහා පැමිණි දේශප්‍රේමී ජනතාවට තමන් ස්තූතිවන්ත වන බවයි.
දේශප්‍රේමි ශ්‍රී ලාංකික හිතවතුන්ට සහ ඉතාලි ජනතාවට ස්තූතියි!ඉතාලියේ බොලොඤ්ඤා නුවර පැවැත්වෙන G20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වූ මා පිළිගැනීමට පැමිණි දේශප්‍රේමි ශ්‍රී ලාංකික හිතවතුන්ට සහ ඉතාලි ජනතාවට ස්තූතියි!
Posted by Mahinda Rajapaksa on Sunday, September 12, 2021
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී