Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉතාම කෙටි කාලයක් තුළ ජනතාවට කළකිරුණ එකම ආණ්ඩුව වත්මන් ආණ්ඩුවයි – මුරුත්තෙට්ටුවේ හිමියන් අගමැතිගේ මුහුණටම කියයි

ශ්‍රී ලංකාවේ, ඉතාම කෙටි කාලයක් තුළ ජනතාවට කළකිරුණ එකම ආණ්ඩුවක් වත්මන් ආණ්ඩුව යැයි නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරනවා.

ආණ්ඩුවබලයට පත් කිරීම සඳහා තමන් වහන්සේලා ගත් මහන්සිය අනුව එවන් වචනයක් වත් කිසිවකුගෙන් ඇසීමට තමන් සූදානම් නැතැයිද උන්වහන්සේ සඳහන් කළහ.

නමුත් අවාසනාවට එය සිදු වී ඇතිබව පෙන්වා දුන් ආනන්ද හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ නොව මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ විශාල බලාපොරොත්තු තබන බවත් සියලු බලවේග ගොඩ නැගුනේ මහින්ද රාජපක්ෂ මහතා වටා බවත් සඳහන් කළා.

ඒ නාරාහෙන්පිට අභයාරාමයේදී පැවැති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත ග්‍රන්ථ ද්විත්වයක් එලි දැක්වීමේ උත්සව සභාවකදී අදහස් දක්වමින්..

About The Author