බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ ත්‍රස්තවාදී පාලනය පිළිගත යුතු නැහැ – රනිල් වික්‍රමසිංහ
ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ට මධ්‍යස්ථානයක් බවට පත් වනවා නම් ඉන් ලංකාවට සිදුවන බලපෑම වැළැක්වීමට ගතයුතු පියවර ගැන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු අග්‍රාමාත්‍යවරයා පවසන්නේ දැනට ශ්‍රී ලංකා රජය තලේබාන් පාලනය පිළිනොගෙන අනාගතය දෙස බලා තීරණයක් ගත යුතු බවයි.
බෞද්ධයන් සතු ලෝක උරුමයක් වූ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ තලේබාන් සංවිධානය රාජතාන්ත්‍රික වශයෙන් පිළිගත හොත් එය අප කලාපයේ ත්‍රස්තවාදය නැවත ඇති කිරීම උපකාරයක් වනු ඇති බවද වික්‍රමසිංහ මහතා පවසනවා.
තලේබාන් කණ්ඩායම මීට පෙර ඇෆ්ගනිස්ථානය පාලනය කළ අවස්ථාවේදී ජිහාඩ් ත්‍රස්තවාදී කණ්ඩායම් ගණනාවක් ඊට රැස් වු බවත් සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකා ප්‍රහාරය එල්ල කළ අල් කයිඩා සංවිධානය ක්‍රියාත්මක වුයේත් ඇෆ්ගනිස්ථානයේ සිට බවත් සිහිපත් කළ හිටපු අග්‍රාමාත්‍යවරයා දැන් තලේබාන් ආණ්ඩුවක් යටතේ ඇෆ්ගනිස්ථානය නැවත ජිහාඩ්වාදින්ගේ මධ්‍යස්ථානයක් වේදැයි යන සැකය කා අතරත් මතුව තිබෙන බව පවසනවා
මෙම තත්ත්වය අවධානයට ගනිමින් ශ්‍රී ලංකාවේ රජය වගකීමෙන් යුක්තව සිතා බලා කටයුතු කළ යුතු බව ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.
එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ට ඇෆ්ගනිස්තානයට ගමන් කිරීම නතර කිරීමට ක්‍රියා කළ යුතු බවද ඔහු සඳහන් කරනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට