Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇස් අන්ධ කරන මොළය වනසන කළු පුස් ආසාදිතයින් ලංකාවෙන් හමුවෙයි

ඉන්දියාවේ කොරෝනා වෛරසය සීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග පැතිරී යන කළු පුස් රෝගය වැළඳුන පුද්ගලයෙක් මුල් වරට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා.

අම්පාර ප්‍රදේශයෙන් මෙම රෝගියා හඳුනාගෙන ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරන්නේ මෙම කළුපුස් හරහා රෝගී තත්ත්වය උත්සන්න වීම හා මරණ සංඛ්‍යාව වැඩි වීම් වාර්තා වන බවයි.

අම්පාර ප්‍රදේශයට මෙම දිලීරය පැතිරුනේ කුමන ආකාරයෙන් දැයි මෙතෙක් සොයාගෙන නැති බව ද ඔහු සඳහන් කළා.

මෙම දිලීරය ආසාදිත වූවන්ගේ ඇස් වලට සහ ස්වසන මාර්ගයේ හානි සිදුවීමෙන් පසු මොළයට දැඩිවබලපෑම් කරන බවද මේ වන විට සිදු කළ අධ්‍යනයන් වලදී හෙළිව තිබෙනවා.

කළු පුස් ආසාදනය වීමේ ප්‍රතිඵලය ලෙස අන්ධභාවය ඇති වීමට වැඩි ඉඩ කඩක් පවතින අතර මේ හේතුවෙන් ඇස් ඉවත් කළ අවස්ථා ද මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

About The Author