ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නත් දෙකක් යොදා ගනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා හෝ ෆයිසර් එන්නත් ලබාදීමට ඉදිරියේ දී පියවර ගනු ඇති බවටයි වාර්තාවන්නේ.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ අද (28) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව රැස්වූ අවස්ථාවේදී මේ සඳහා අනුමැතිය හිමිවූ බවයි.
ඒ සඳහා ලබන මස මුල් සති දෙක ඇතුළත මෙරටට ලැබීමට නියමිත ෆයිසර් එන්නත් මාත්‍රා 26,000න් සහ මොඩෙර්නා එන්නත් මාත්‍රා 1,000,000න් යම් ප්‍රමාණයක් ලබාගත හැකිවනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාසඳහන් කරන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට