නීතිවිරෝධීව පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පැවති නඩුවෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (21) නියෝග කර තිබෙනවා.
ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නඩු විභාගය ගනු ලැබුවා.
2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ජීව උණ්ඩ 203,395ක් සන්තකයේ තබාගැනීම හා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 19 යටතේ නඩු පවරා තිබුණා.
දේශපාලන පලි ගැනීම් පිළිබඳව ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් පත් කළ කොමිසම විසින් ද පසුගියදා නිර්දේශ කර තිබුනේ නිශ්ශංක සේනාධිපතිට එරෙහි නඩුවලින් ඔවුන් නිදහස් කරන ලෙසයි.
එම නඩුව යහපාලන රජය විසින් තමන්ගෙන් සිදු කරන ලද දේශපාලන පලිගැනීමක් බවයි නිශ්ශංක සේනාධිපති මහතා දිගින් දිගටම සඳහන් කළේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට