වනාන්තර විනාශය මැඩපැවැත්වීම සඳහා කළ යුතු වියදම් ඉහළ නංවන බවට පොරොන්දු වීමෙන් දිනකට පසු පරිසර අමාත්‍යාංශයේ වෙනුවෙන් වෙන් කර තිබූ මුදල් කප්පාදුවකට බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ අනුමැතිය දී තිබේ.
පසුගිය දිනෙක පැවැත්වුණු ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ දේශගුණික සමුළුවක දී ඔහු කියා තිබුණේ පාරිසරික බලාත්මක කිරීම් සඳහා වෙන් කර ඇති මුදල දෙගුණයක් කිරීමටත්, 2030 වන විට නීති විරෝධී වන විනාශය අවසන් කිරීමටත් පියවර ගන්නා බව ය.
එහෙත් සිකුරාදා අත්සන් කරන ලද අයවැයට ඔහුගේ වියදම් සටහන හෝ කොන්ග්‍රසය විසින් ඉදිරිපත් කරන ලද අතිරේක යෝජනා ඇතුළත් නොවිණි.
එයට හේතුව වශයෙන් බොල්සනාරෝ ප්‍රකාශ කර සිටින්නේ මේ වන විට රටේ ආරක්ෂාව දුර්වල වී ඇති හෙයින් පරිසරය නොව ආරක්ෂිත ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා වැඩි මුදලක් අවශ්‍යය වීම යි.
ලොව විශාලතම වැසි වනාන්තරය සහ ඊට අදාළ ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා මූල්‍ය ආධාර ලබා ගැනීම වෙනුවෙන් බ්‍රසීලය හා එක්සත් ජනපදය එක් ව සිටින බව පසුගිය සතියේ පෙනී ගියේ ය.
2021 ෆෙඩරල් අයවැයට පරිසර අමාත්‍යාංශය සහ එය අධීක්ෂණය කරන ආයතන වෙනුවෙන් වෙන් කොට ඇත්තේ රුපියල් බිලියන 2.1ක් (ඩොලර් මිලියන 380ක්) පමණි. එනමුත් 2020 දී පරිසර අමාත්‍යාංශය වෙනුවෙන් වැය කළ මුදල බිලියන 3ක් පමණ විය.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්