6 වන සියවසේ යටත් විජිත සමයේ කීර්තිමත් රැකියා ලෙස හැදින්වුයේ යටත් විජිත ආණ්ඩුකාරවරුන් සහ හමුදා නායකයින් ලෙස පත්වීම් ලබා ගැනීම යි. බ්‍රිතාන්‍යයේ ඇමරිකානු ජනපද 13ක් තිබු අතර එම ජනපදවල විවිධ රැකියා අවස්ථා ද තිබුණි. නිදසුනක් ලෙස 1731 වර්ෂයේ දී මේරිලන්ඩ්හි උපත ලැබු බෙන්ජමින් බැනෙකර් නමැති කළු ඇමෙරිකානු ජාතිකයා සැලකිය හැකි ය. විප්ලවයෙන් පසුව කොලොම්බියා දිස්ත්‍රික්ක පිහිටු වීම සඳහා සහාය දැක් වු මොහු ගොවියෙකු මෙන්ම ලේඛකයෙකි. 1781 වර්ෂයේ දී මැසචුසෙට්ස්හි තම නිදහස වෙනුවෙන් නඩු පැවරූ එළිසබෙත් ෆ්රීමන් පිළිබඳ සැලකුවහොත්, ඉහත ආකාරයෙන් නිදහස ලබා ගත් පළමු පුද්ගලයා බවට පත් වු මැය හෙදියක ලෙස ද සේවය කළේ ය.
එකල ඇමරිකාවේ ජනපද 13ක මිනිසුන් විසින් සිදු කළ පොදු රැකියා කිහිපයක් මෙසේ ය.
1.විග් සාදන්නන්
ජනපද 13 ක ධනවත් පිරිස් අතර මිල අධික උසස් විලාසිතා උපාංගයක් ලෙස මෙම විග් ( පෙරුක්ස් ) ප්‍රසිද්ධ විය. ප්‍රධාන වශයෙන්ම මෙම විග් භාවිත කළේ හමුුදාවේ ඉහළ තනතුරුවල නිලධාරීන් ය. විග් සාදන්නන් විසින් බර අඩු, සංකීර්ණ කොණ්ඩා ( විග් ) සෑදීම සඳහා චීනයෙන් ආනයන කරන ලද අශ්ව කෙඳි භාවිත කර ඇත. ඇමෙරිකානු විප්ලව සමයේ ජනයා විග් විලාසිතාවෙන් ඉවතට යෑම නිසා මෙම වෙළෙඳාම යටත් විජිත යුගය ඉක්මවා ගියේ නැත. ජෝර්ජ් වොෂිංටන් විග් පැලඳූ බවට බොහෝ ඇමෙරිකානුවන් උපකල්පනය කළ ද ඔහු එසේ කළේ නැත. ඩොලර් එකේ නොට්ටුවෙහි ඔහුගේ ප්රතිමූර්තියෙහි විග් එකක් ඇති ආකාරයෙන් පෙන්නුම් කර ඇති නමුත් එසේ පෙන්වා ඇත්තේ ඔහුගේ නියම කොණ්ඩය යි.
2. ඇපොතිකරි
ඇපොතිකරි යනු ඖෂධවේදියා ය. ප්‍රදේශයේ රෝගීන් සංඛ්‍යාව අඩු නම් ප්‍රතිකාර කරන්නේ ද ඔවුන්ම යි. රෝගීන් සංඛ්‍යාව වැඩි නම් පමණක් රජය විසින් වෙනත් වෛද්‍යවරුන් පත් රන ලදී. මොවුන් රෝග හඳුනා ගෙන, ඒ සඳහා ඔවුන් නිෂ්පාදනය කළ හෝ ආනයනය කරන ලද ඖෂධ මඟින් ප්‍රතිකාර කර ඇත. නිදසුනක් ලෙස ඔවුන් හිසරදයෙන් පෙළෙන රෝගියෙකුට කෝපි ලබා දී ඇති අතර කෝපි මඟින් සමහර මිනිසුන්ගේ හිසරදයට සහනයක් ලැබෙන බව තේරුම් ගෙන ඇත. මැලේරියාව නම් රෝගයෙන් පෙළෙන රෝගීයෙකුට “පෙරු පොතු” ලබා දීම ද මොවුන්ගේ වැඩකි. මෙම ඖෂධය සඳහා දකුණු ඇමෙරිකාවේ ඇන්ඩීස්වල උපන් සින්කෝනා ගස්වල පොතු භාවිතා කළ අතර ක්විනීන් ද අඩංගු ය. මෙය එකල මැලේරියාව සඳහා හොඳම ප්‍රතිකාරයක් විය.
3. මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු
යටත් විජිත යුගයේ මුද්‍රණ යන්ත්‍රය භාවිත කර ඇති අතර පුවත්පත් , පොත් , පත්‍රිකා , සහ වෙනත් දේවල් ද ප්‍රසිද්ධ කර ඇත. 1704 වර්ෂයේ සිට 1776 වර්ෂය දක්වා වු යටත් විජිත සමය දක්වා දිව ගිය ” බෝස්ටන් නිවුස් ලෙටර්” නම් පුවත්පත සාර්ථකව පළ කරන ලද මුල් ම පුවත්පත යි. මෙම පත්‍රිකාවට බ්‍රිතාන්‍ය රජය සහනාධාර ලබා දුන් අතර යුරෝපයේ ප්රවෘත්ති කෙරෙහි ද අවධානය යොමු කළේ ය.1719 වර්ෂයේ ප්‍රතිවාදී බෝස්ටන් ගැසට් පත්‍ර මුද්‍රණ කිරීමට ආරම්භ කිරීමත් සමඟ 1775 දී ගැසට් පත්‍රයේ මුද්‍රණ යන්ත්‍රය සහ ප්‍රකාශකයින් බවට පත් වු බෙන්ජමින් එඩ්ස් සහ ජෝන් ගිල්ගේ නායකත්වය යටතේ මෙම ලිපිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විවේචනය කිරීම සහ යටත්විජිත ස්වාධීනත්වයට සහයෝගය දැක්වීමේ ප්රමුඛ පෙළේ අලෙවිසැලක් බවට ද පත් විය.
4. තැබෑරුම් පාලක
ජනපද 13 ක මුල් අවන්හල් බ්‍රිතාන්‍යයේ තැබෑරුම්වලට සමාන වු නමුත් ඒවා විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා පරිණාමය විය. එ නම් සමාජ , දේශපාලන , හා ව්‍යාපාරික හමුවීම් සඳහා , තානායමක් මෙන් කාමර කුලියට දීම සඳහා සහ භාණ්ඩ මිල දී ගැනීමට වෙළෙඳපොළක් ලෙස ය. ආපනශාලා භාරකරුවන් ලෙස සිටි බොහෝ අය සුදු කාන්තාවන් වූ අතර ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ වැන්දඹු කාන්තාවන් තැබෑරුම් පාලනය කිරීම සඳහා බලපත්‍ර ලබා ගැනීමේ දී සාර්ථක වී තිබිණි.
5. සපත්තු සාදන්නා
යටත් විජිත 13 තුළ සපත්තු සෑදීම වැදගත් වෙළෙඳාමක් විය. සපත්තුවල විශේෂත්වය අනුව සපත්තු සාදන්නෝ ද විශේෂ වූහ. නිදසුනක් වශයෙන් “කෝඩ්වේනර්ස්” යනු සම්වලින් සපත්තු සෑදු සපත්තුකරුවන් ය. සපත්තු වැඩි වශයෙන් පළඳින විට ඒවා අලුත්වැඩියා කළ පුද්ගලයින් “කොබ්ලර්ස්” ලෙස හැඳින්විය. ඇමෙරිකානු විප්ලවයට තුඩු දුන් දශක කිහිපයක් තුළ , යටත් විජිතවාදීන් වු බ්‍රිතාන්‍ය රජය විසින් අනෙක් යටත් විජිතවාදීන් බ්‍රිතාන්‍ය භාණ්ඩ මිල දී ගැනීමට අධෛර්යමත් කිරිමත් සමඟ විලාසිතාමය කාන්තා සපත්තු දේශපාලනීකරණය විය. 1765 වර්ෂයේ දී එක් ෆිලඩෙල්ෆියා සපත්තු නිෂ්පාදකයෙක් තම දේශප්‍රේමී බව සහ ඇමරිකානු නිෂ්පාදන දිරිගැන්වීම තුළින් තමන් ව වෙන් කර හඳුනා ගැනීමට කැමති කාන්තාවන් ඉලක්ක කරගත් අතර ඔහු සෑම අතින් ම නරක් වු ලොම් සපත්තු , සෑම ප්‍රමාණයේ ම මනරම් ලෙස සකස් කළ බව පෙනේ.
6. සෑදල සාදන්නා
යුරෝපීය යටත් විජිතවාදීන් ඇමෙරිකාවට පැමිණි විට අශ්වයන් ඇතුළු අවිධිමත් සත්ත්ව විශේෂ රාශියක් ඔවුන් සමඟ ගෙන ආවෝය. යටත් විජිත සමයේ සිට අද දක්වා ම අශ්වයන් ඇදහිය නොහැකි තරම් මිල අධික සතුන් වු අතර ඒවා සමාන්‍යයෙන් අයිති වුයේ ධනවත් සුදු පවුල්වලට පමණි. සෑදල සෑදීම විශාල ලාභයක් ගෙන දෙන වෙළෙඳාමක් වු බැවින් බොහෝ සෑදල සාදන්නන් පොහොසතුන් හට හොඳම දෑ විකුණුවෝ ය.
සෑදල සාදන්නන් තම පාරිභෝගිකයන් කවුරුන් ද සහ ඔවුන් අශ්වයන් පිට නැඟී ගියේ කෙසේ ද යන්න මත පදනම්ව විවිධ උපකරණ නිෂ්පාදනය කළහ. දඩයම්කරුවන්ට හොග් සම වටිනා ද්‍රව්‍යයක් වූයේ සතෙකු දඩයම් කිරීම සඳහා එම සත්ත්වයාගේ පසුපස හඹා යන විට අශ්වයා මත අසුන් ගෙන සිටින්නන් හට හොග් සම උපකාරී වූ බැවිනි. ගවුම් හැඳගෙන අශ්වයින් පදින කාන්තාවන්ට භාවිත කිරීම සඳහා එක් පැත්තකින් කවුළු සහිත සෑදල මෙන් ම ජොකීවරුන් සඳහා සෑදල නිෂ්පාදනය කිරීම ද ප්‍රසිද්ධ රැකියා විය.
Writer By Ashmin
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්